අද දින පැලවත්තේ මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුමගේ නිවස ඉදිරිපිටදී විරෝධතාකරුවන් පිරිසකට අසූචි ප්‍රහාරයක් එල්ල කිරීම ඒකාබද්ධ විපක්ෂය දැඩිලෙස හෙළා දැක තිබේ.
සාමකාමී විරෝධතාකරුවන්ට මිනිස් මළ මූත්‍ර, ගොම, කුණු වූ තක්කාලි සහ දල්වන ලද රතිඤ්ඤාවලින් පහරදුන් බවට වාර්තා වන මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය “සිය’පිළිකුල සහ කෝපය’ ප්‍රකාශ කරයි.
වංචා සහ පොදු සම්පත් අනිසි ලෙස භාවිත කිරීම පිළිබඳ චෝදනා හෙළිදරව් කිරීම වැළැක්වීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ ‘මැරකම් සහ බිය ගැන්වීම්’ සිදු කරන බවටද ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරයි.
පොදු දේපළ විනාශ කිරීම සහ ඝාතන ඇතුළු ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචණ්ඩකාරී අතීතය ද ඒකාබද්ධ විපක්ෂය සිහිපත් කරන අතර, නීත්‍යානුකූල මහජන විරෝධතා නිහඬ කිරීමට ගන්නා උත්සාහයන්ට එරෙහිව අනතුරු අඟවයි.
රටේ ධනය කොල්ලකෑමට එරෙහිව ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම දිගටම කරගෙන යන බව අවධාරණය කරන ඒකාබද්ධ විපක්ෂය, තමන් නිහඬ නොවන බවට ප්‍රතිඥා ලබාදෙයි.

රැඳවියෙකු මියයාමේ සිද්ධියට තවත් බන්ධනාගාර නියාමකවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට
මෝටර් රථ රක්ෂණ ණය කාල සීමාවේ සංශෝධනයක්
‘ඒහිපස්සිකෝ’ සාම පා ගමන අවසන් වෙයි
ශම්මි සිල්වා ඉල්ලා අස්වීමට තීරණය කරයි
රාජ්‍ය සේවයේ සිටින අනියම් හා ආදේශක සේවකයින්ට දැනුම්දීමක්
ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයට ඩිජිටල් ඒකකයක්
සජබයේ ආරාධනයට එජාපයෙන් පිළිතුරු
මාලදිවයින් ජනපති දිවයිනට
චාල්ස් රජුගේ ඇමරිකානු සංචාරය ඇරඹෙයි
මුදල් අමාත්‍යාංශ ලේකම්ට විරෝධය පළ කරන්න ගිය සුගීෂ්වර ඇතුළු පිරිසට ගොම ප්‍රහාරයක්
විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් භාරගැනීම ඇරඹේ
හිටපු ජනපති මෛත්‍රී අල්ලස් කොමිසමට