දැනට තිරගත වෙමින් පවතින නෙළුම් කුළුණ චිත්‍රපටයේ අනවසර පිටපත් නීති විරෝධී ලෙස අන්තර්ජාලය ඔස්සේ බෙදා හැරීම සහ බාගත කිරීම සම්බන්ධයෙන් එම චිත්‍රපටයේ නිෂ්පාදිකා හිරන්‍යා පෙරේරා ඉලංගෝ මහත්මිය විසින් මහජනතාව වෙත විශේෂ දැනුම් දීමක් සිදු කර තිබෙනවා.
සමාජ මාධ්‍ය සටහනක් තබමින් ඇය අවධාරණය කරන්නේ මෙම ක්‍රියාව බරපතළ අපරාධයක් වන අතර, ඒ සම්බන්ධයෙන් දැනටමත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නිල පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවයි.
චිත්‍රපටයට අදාළව සිදුවන සියලුම කොල්ලකෑම් පිළිබඳව බලධාරීන් මේ වන විට සක්‍රීයව විමර්ශන පවත්වමින් සිටින බව එම සටහනෙහි සඳහන් වනවා.
විශේෂයෙන්ම, නිසි අවසරයකින් තොරව චිත්‍රපටය බෙදා හැරීම, බාගත කිරීම, නැරඹීම හෝ පිටපත් ළඟ තබා ගැනීම බුද්ධිමය දේපළ පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බව ඇය එහිදී සඳහන් කළා.
මෙම නීති විරෝධී ක්‍රියාවල නිරත වන පුද්ගලයන්ට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමට නිෂ්පාදන කණ්ඩායම තීරණය කර ඇති අතර ඒ අනුව වරදකරුවන්ට එරෙහිව නඩු පවරා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු සූදානම් කර ඇති බව හිරන්‍යා පෙරේරා ඉලංගෝ මහත්මිය පවසනවා.
එමෙන්ම නීතිමය පියවරයන්ට හසුවීමෙන් වැළකීම සඳහා, යම් හෙයකින් ඔබ සතුව එවැනි අනවසර පිටපත් පවතී නම් ඒවා වහාම මකා දමන ලෙසත්, එවැනි දෑ තවදුරටත් බෙදා හැරීමෙන් වළකින ලෙසත් නිෂ්පාදිකාව මහජනතාවගෙන් ඉල්ලා තිබෙනවා.

ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්යක්ෂවරයාට වසර 6ක සිරදඬුවමක් නියම වෙයි
කොත්මලේ ගම්පොළ ප්‍රධාන මාර්ගය තාවකාලිකව වැසේ
ඩොලරය අද සීඝ්රයෙන් ඉහළට
අඩු පීඩන කලාපය තවදුරටත්! කාලගුණයෙන් නිවේදනයක්!
හිටපු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චිට අද අධිකරණයෙන් ලැබුණු නියෝගය
බැසිල්ගේ බව කියූ මල්වානේ නිවසට අන්තරේ කඩා පනී
අපරාධ රැසකට අවශ්‍ය කර සිටි දෙදෙනෙක් පොලීසියට කොටුවෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
සරසවි වරම් ලැබූ සිසුවා අවාසනාවන්ත ලෙස ජීවිතය හැරයයි
ව්‍යවසායකයන්ට ඇප රහිතව ණය ලබාගැනීමට නව අවස්ථාවක්
පොලීසියේ දෙදෙනෙකුගේ වැඩ තහනම් කරයි
විපක්ෂයේ දක්ෂයන්ට අවස්ථාව දෙනවා – ටිල්වින් සිල්වා