මෙවර මැයි දිනය සැමරීම සඳහා සමගි ජන බලවේගය විසින් සිය පක්ෂය සමඟ එකතු වන ලෙසට එක්සත් ජාතික පක්ෂයට කළ ආරාධනයකට පිලිතුරු දෙමින් එම පක්ෂයේ මහලේකම් තලතා අතුකෝරල මහත්මිය ලිපියක් නිකුත් කර ඇත.
ඇය එම ලිපියෙන් දැනුම් දී ඇත්තේ, මෙවර මැයි දිනය යෙදී ඇති පළමු වැනිදා පසළොස්වක පොහෝ දිනයක් බැවින්, එදින දේශපාලන කටයුතුවල නොයෙදී ආගමික උත්සව සඳහා වෙන් කිරීමට එක්සත් ජාතික පක්ෂය කලින්ම තීරණය කළ බවය.
මැයි පළමු වෙනිදා පොහෝ දිනයක් වුවහොත් දේශපාලන කටයුතුවල යෙදීම සුදුසු නොවන බවට රණසිංහ ප්‍රේමදාස මහතා අගමැතිවරයා ලෙස සිටි සමයේ පෙන්වා දී ඇති බව ඇය සිහිපත් කරයි.
එබැවින් සමගි ජන බලවේගයේ හෝ වෙනත් පක්ෂයක හෝ මැයි දින රැලිවලට සහභාගී වීමට එක්සත් ජාතික පක්ෂයට අවකාශක් නොමැති බව ඇය දැනුම් දී තිබේ.
එක්සත් ජාතික පක්ෂ සහ සමගි ජන බලවේගය එකට එකතු වී වැඩකිරීම බොහෝ දෙනෙකුගේ අපේක්ෂාව බවත් එබැවින් අනාගත දේශපාලන කටයුතුවලදී එකට වැඩ කිරීමට එක්සත් ජාතික පක්ෂය සූදානම් බවත් ඇය සිය ලිපියෙන් වැඩිදුරටත් දැනුම් ද තිබේ.

ශම්මි සිල්වා ඉල්ලා අස්වීමට තීරණය කරයි
රාජ්‍ය සේවයේ සිටින අනියම් හා ආදේශක සේවකයින්ට දැනුම්දීමක්
ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයට ඩිජිටල් ඒකකයක්
මාලදිවයින් ජනපති දිවයිනට
චාල්ස් රජුගේ ඇමරිකානු සංචාරය ඇරඹෙයි
මුදල් අමාත්‍යාංශ ලේකම්ට විරෝධය පළ කරන්න ගිය සුගීෂ්වර ඇතුළු පිරිසට ගොම ප්‍රහාරයක්
විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් භාරගැනීම ඇරඹේ
හිටපු ජනපති මෛත්‍රී අල්ලස් කොමිසමට
පාසල් බස් රථයක් අනතුරට ලක්වෙයි! සිසුන් 34ක් රෝහල්ගත කරයි!
“ඒහි පස්සිකෝ” සාම පාද යාත්‍රාවේ අවසන් දිනය අදයි – රාජ්‍ය උත්සවය ජනපති ප්‍රධානත්වයෙන් නිදහස් චත්‍රරස්‍රයේ දී
අද මි.මී. 75ට වැඩි වැසි වැටෙන ප්‍රදේශ
කොළඹට යන එන අයට විශේෂ දැනුම්දීමක්