Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

යුරෝපා සංගමයෙන් මෙරටට ලොකු තෑග්ගක්

10 months ago

වැඩි දියුණු කළ ජෛව විවිධත්වය සහ තිරසාර අපද්‍රව්‍ය කළමනාකරණය තුළින් තිරසාර ආර්ථීක ප්‍රතිසාධනය පෝෂණය කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා වන ගිවිසුමට අත්සන් තැබීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය, යුරෝපා සංගමය සමඟ එක් ව, මධ්‍යම, ඌව, වයඹ, උතුරු මැද සහ උතුරු පළාත් වල ජෛව විවිධත්ව සංරක්ෂණය සහ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ පිළිබඳ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීම සඳහා ව්‍යාපෘති යෝජනාවක් සකස් කර ඇත.

හායනය වූ පරිසර පද්ධති ප්‍රතිසංස්කරණය කිරීම, ඉලක්ක ගත සංරක්ෂණ උපාය මාර්ග ක්‍රියාත්මක කිරීම සහ තිරසර ඉඩම් පරිහරණ පිළිවෙත් ප්‍රවර්ධනය කිරීම මඟින් ඉහළ වටිනාකමක් සහිත ජෛව විවිධත්ව ස්ථාන ආරක්ෂා කිරීම මෙම ව්‍යාපෘතියේ එක් අරමුණකි. 

තවද, තෝරාගත් පළාත් පාලන කොට්ඨාස වල තිරසර අපද්‍රව්‍ය කළමනාකරණ පිළිවෙත් ක්‍රියාත්මක කිරීම, දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දෙන පිළිවෙත් ප්‍රවර්ධනය කිරීම සහ ප්‍රාදේශීය ප්‍රජාවන්, රාජ්‍ය ආයතන හා පෞද්ගලික අංශ සඳහා ධාරිතා සංවර්ධනය කිරීමේ වැඩසටහන් පැවැත්වීම ද මෙම ව්‍යාපෘතිය මඟින් අපේක්ෂා කෙරේ. 

අදාළ ව්‍යාපෘතිය යුරෝපා සංගමයේ යුරෝ මිලියන 8ක ප්‍රදානයක් මඟින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. ඒ අනුව, එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අදාළ ප්‍රදානය ලබා ගැනීම සඳහා වන මූල්‍ය ප්‍රදාන ගිවිසුමට යුරෝපා සංගමය සමඟ අත්සන් තැබීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *