Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සරණ ගුණවර්ධනට බන්ධනාගාර රෝහලේ දොර වැසෙයි! පුස්තකාල සේවයට යොදවයි!

11 minutes ago

බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය සරණ ගුණවර්ධන මහතා මේ වන විට වැලිකඩ බන්ධනාගාරයේ පුස්තකාල අංශයේ සේවය සඳහා යොදවා ඇති බව වාර්තා වේ.

බන්ධනාගාර ආරංචි මාර්ග තහවුරු කරන පරිදි, ඒ මහතා පෙළෙන සුළු ආබාධ තත්ත්වයන් කිහිපයක් හේතුවෙන් බන්ධනාගාර වෛද්‍යවරයෙකු වෙත යොමු කර ඇත. එහෙත්, රෝහල්ගත වී ප්‍රතිකාර ලබා ගැනීමට තරම් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය බරපතළ හෝ දරුණු මට්ටමක නොමැති බව අදාළ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

මේ අතර, හිටපු අමාත්‍යවරයා බන්ධනාගාර නිලධාරීන් මෙන්ම සෙසු රැඳවියන් සමඟ ද ඉතා සුහදශීලී අයුරින් කටයුතු කරමින් සිටින බව ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර නිලධාරියෙකු ප්‍රකාශ කර තිබේ.

කෙසේ වෙතත්, විශේෂ පුද්ගලයින් බන්ධනාගාරගත වුවද මේ වන විටත් බන්ධනාගාරය තුළ පවතින දැඩි තදබදයේ සහ පහසුකම්වල කිසිදු අඩුවක් හෝ වෙනසක් මෙතෙක් සිදුව නොමැති බවද අදාළ නිලධාරියා වැඩිදුරටත් පෙන්වා දී ඇත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *