ජාත්‍යන්තර පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ගෝල සංඛ්‍යාවක් රැස්කළ ක්‍රීඩකයා ලෙස නවතම ලෝක වාර්තාවක් පිහිටුවීමට ආර්ජන්ටිනා සුපිරි ක්‍රීඩක ලියොනල් මෙසී සමත්ව තිබේ.
මෙවර පාපන්දු කුසලාන තරගාවලියේ ‘J’ කාණ්ඩය (Group J) යටතේ ඇමරිකාවේ ඩලස් ක්‍රීඩාංගණයේදී ආර්ජන්ටිනාව සහ ඔස්ට්‍රියාව අතර ඊයේ (22) පැවති තරගයේදී මෙසී මෙම ඓතිහාසික කඩඉම පසු කර ගියේය.
තරගාවලියේ ආර්ජන්ටිනාව ක්‍රීඩා කළ පළමු තරගයේදී ඇල්ජීරියාවට එරෙහිව විශිෂ්ට හැට්‍රික් (Hat-trick) ගෝල ප්‍රමාණයක් වාර්තා කරමින් මෙසී, ජර්මනියේ හිටපු සුපිරි ක්‍රීඩක මිරොස්ලාව් ක්ලෝස් (Miroslav Klose) තබා තිබූ ලෝක කුසලාන ගෝල 16 වාර්තාව සම කිරීමට සමත් වුණි.
අනතුරුව ඊයේ ඔස්ට්‍රියාවට එරෙහිව පැවැත්වූ තියුණු තරගයේ 38 වැනි මිනිත්තුවේදී මෙසී විසින් වාර්තා කරන ලද සුවිශේෂී ගෝලයත් සමඟින්, ඔහු ලෝක කුසලාන තරගාවලි ඉතිහාසය තුළ තමා රැස්කළ සමස්ත ගෝල සංඛ්‍යාව 17 දක්වා ඉහළ නංවා ගත්තේය.
ඒ අනුව මිරොස්ලාව් ක්ලෝස් අභිබවා යමින් ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ගෝලලාභියා බවට පත්වීමට මෙසී නිල වශයෙන් සුදුසුකම් ලැබීය.
එමෙන්ම අඛණ්ඩව පාපන්දු ලෝක කුසලාන තරග 6 ක ගෝල වාර්තා කර ගැනීමට සමත්ව සිටියේ ක්‍රීඩකයන් දෙදෙනෙක් විසින්. ඒ බ්‍රසීලයේ ජර්සීන්යෝ සහ ප්‍රංශයේ ජස්ට් ෆොන්ටේන් විසින්.
ඊයේ තරගයේ වාර්තා කළ ගෝල 2 ත් සමගින් ලියොනල් මෙසීද පාපන්දු ලෝක කුසලාන තරග 6 ක එකදිගට ගෝල වාර්තා කිරීමට සමත්ව තිබෙනවා. ඒ අනුව ජර්සීන්යෝගේ සහ ෆොන්ටෙයින්ගේ ලෝක වාර්තාව සම කිරීමටද මෙසීට හැකියාව ලැබුණා.

ඥානසාර හිමිගේ සිරදඬුවම තීන්දුයි! අභියාචනය ඉවතට!
තෙල්දෙණියේ ඝාතනය – සැකකාර අඹුසැමියන්ගේ යටගිය අපරාධ රැසක් එළියට
ඉරාන තෙල්වලට ඇමෙරිකාවෙන් සහනයක්! තෙල් මිල ගැන ඇහෙන සුබ ආරංචිය!
අනාරක්ෂිත ළිඳකට වැටී දෙහැවිරිදි සිඟිත්තියකට දිවි අහිමි වෙයි
භාණ්ඩාගාර ලේකම්ව සහ මහ බැංකු අධිපතිව අදත් මුදල් කාරක සභාවට කැඳවයි
ශ්‍රී ලංකා ක්‍රිකට් අසාදු ලේඛනයට? රජයෙන් නිවේදනයක්
පුෂ්පිකාගේ රූ රැජින කිරුළ ගැලවූ නඩුවේ තීන්දුවට දින නියම කෙරේ
බොක්ස් ඔෆිස් වාර්තා අලුත් කළ ‘Toy Story 5’
මැයි මාසයේ උද්ධමනය ඉහළට
අස්වැසුම ප්‍රතිලාභීන්ට දැනුම්දීමක්
බර්ගර්, පීසා, බිස්කට්, කේක් ඇතුළු ආහාර වර්ග රැසක් පාසල් ආපනශාලාවල විකිණීම තහනම්! නවතම මාර්ගෝපදේශය මෙන්න!
කෑගල්ලේදී දරුණු රිය අනතුරක්! වාහන 6ක් එකිනෙක ගැටෙයි! අයෙක් මරුට! 10කට තුවාල! (වීඩියෝ)