ඉස්ලාම් දහමට අපහාසාත්මක වන ආකාරයේ ප්‍රකාශයක් සිදුකිරීම තුළින් ජාතීන් අතර සංහිඳියාව බිඳහෙළීමට ක්‍රියා කළේ යයි චෝදනාවට වරදකරු කළ බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියම කරනු ලැබූ මාස 09ක සිරදඬුවම කොළඹ මහාධිකරණය විසින් අද (23) තහවුරු කළේය.
එම සිරදඬුවමින් තමන් වහන්සේව නිදොස්කොට නිදහස් කරන ලෙස ඉල්ලා ඥානසාර හිමියන් විසින් ඉදිරිපත් කළ අභියාචනයක් ප්‍රතික්ෂේප කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විසින් මෙම තීන්දුව ලබාදුන්නේය.
2016 වසරේ කිරුළපන ප්‍රදේශීය පැවති මාධ්‍ය හමුවකදී ඉස්ලාම් දහමට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් සිදුකිරීම තුළින් ජාතීන් අතර සංහිඳියාව උල්ලංඝනය වන ආකාරයෙන් කටයුතු කළේ යැයි චෝදනා කරමින් දණ්ඩ නීති සංග්‍රහය යටතේ පොලීසිය විසින් ඥානසාර හිමියන්ට එරෙහිව නඩුවක් ගොනුකර තිබුණි.
නඩු විභාගයකින් අනතුරුව එම චෝදනාවට වැරදිකරු කළ ඥානසාර හිමියන්ට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මෙම දඬුවම නියම කර තිබුණි.

පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක්! සභාව කල්තබයි!
තෙල්දෙණියේ ඝාතනය – සැකකාර අඹුසැමියන්ගේ යටගිය අපරාධ රැසක් එළියට
ඉරාන තෙල්වලට ඇමෙරිකාවෙන් සහනයක්! තෙල් මිල ගැන ඇහෙන සුබ ආරංචිය!
පාපන්දු ලෝක කුසලාන වාර්තා රැසක් අලුත් කළ මෙසීගේ ගෝල ද්විත්වය
අනාරක්ෂිත ළිඳකට වැටී දෙහැවිරිදි සිඟිත්තියකට දිවි අහිමි වෙයි
භාණ්ඩාගාර ලේකම්ව සහ මහ බැංකු අධිපතිව අදත් මුදල් කාරක සභාවට කැඳවයි
ශ්‍රී ලංකා ක්‍රිකට් අසාදු ලේඛනයට? රජයෙන් නිවේදනයක්
පුෂ්පිකාගේ රූ රැජින කිරුළ ගැලවූ නඩුවේ තීන්දුවට දින නියම කෙරේ
බොක්ස් ඔෆිස් වාර්තා අලුත් කළ ‘Toy Story 5’
මැයි මාසයේ උද්ධමනය ඉහළට
අස්වැසුම ප්‍රතිලාභීන්ට දැනුම්දීමක්
බර්ගර්, පීසා, බිස්කට්, කේක් ඇතුළු ආහාර වර්ග රැසක් පාසල් ආපනශාලාවල විකිණීම තහනම්! නවතම මාර්ගෝපදේශය මෙන්න!