ජනාධිපති අනුර කු-මාර දිසානායක මහතා සමඟ පැවති සාකච්ඡාවේ දී ජූලි 31 වන දා ට පෙර ක්‍රිකට් නිලවරණය පවත්වන ලෙසත්, එසේ නොවුනහොත් ශ්‍රී ලංකා ක්‍රිකට් අසාදු ලේඛනගත විය හැකි බවත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජේ ෂා පවසා ඇති බවට ඩේලි මිරර් පුවත්පත වාර්තා කර තිබුණු අතර, එම ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව රජය නිවේදනය කර සිටියි.
මේ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය ඒකකය නික-ුත් කර තිබෙන නිවේදනය පහත උපුටා දක්වමු.
ඩේලි මිරර් පුවත්පතේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සම්බන්ධයෙන් පළ වූ අසත්‍ය පුවත රජය ප්‍රතික්ෂේප කරයි.
“Hold SLC Elections or Get Blacklisted, ICC Informs President AKD” යන සිරස්තලයෙන් ඩේලි මිරර් පුවත්පතේ මුල් පිටුවේ පළ කර ඇති අසත්‍ය සහ නොමඟ යවනසුළු පුවත රජය දැඩි ලෙස ප්‍රතික්ෂේප කරයි.
මෙම වාර්තාවට කිසිදු සත්‍ය පදනමක් නොමැති අතර, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) සභාපති Jay Shah මහතා අතර ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති හමුව සිතාමතාම විකෘති කර දැක්වීමකි.
මෙම සාකච්ඡාවේදී ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව, බිම් මට්ටමින් සහ තරුණ තරුණියන් සඳහා වන ක්‍රිකට් වැඩසටහන් මෙන්ම තරුණ ක්‍රීඩකයන් සඳහා අවස්ථා පුළුල් කිරීම පිළිබඳව අවධානය යොමු වූ බව ජනාධිපතිවරයා සහ ICC සභාපතිවරයා යන දෙදෙනාම සිය X ගිණුම් ඔස්සේ නිල වශයෙන් තහවුරු කළහ. එහිදී කිසිදු අවසාන නිවේදනයක්, අසාදු ලේඛනයට ඇතුළත් කිරීමේ තර්ජනයක් හෝ නිලවරණයට අදාළ කරුණක් සාකච්ඡා නොවූ අතර, එවැනි කිසිදු අවසාන නිවේදනයක් නිකුත් කර නොමැත.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ICC සභාපතිවරයා යන දෙදෙනාගේම නිල ප්‍රකාශයන් සෘජුවම පරිශීලනය කිරීමට පාඨකයන්ට අවස්ථාව තිබියදී, මෙවැනි ප්‍රබන්ධිත පුවතක් පළ කිරීම අදාළ පුවත්පතේ විශ්වසනීයත්වය තවදුරටත් පළුදු කිරීමට හේතු වේ. එම අසත්‍ය පුවත සම්බන්ධයෙන් වන මෙම නිවේදනය ප්‍රසිද්ධියේ පළ කරන ලෙසත්, අදාළ පුවත මුද්‍රිත සහ අන්තර්ජාල සංස්කරණය යන දෙකෙන්ම ඉවත් කර ගැනීමට කටයුතු කරන ලෙසත් රජය ඩේලි මිරර් පුවත්පතෙන් ඉල්ලා සිටියි.

පුෂ්පිකාගේ රූ රැජින කිරුළ ගැලවූ නඩුවේ තීන්දුවට දින නියම කෙරේ
බොක්ස් ඔෆිස් වාර්තා අලුත් කළ ‘Toy Story 5’
මැයි මාසයේ උද්ධමනය ඉහළට
අස්වැසුම ප්‍රතිලාභීන්ට දැනුම්දීමක්
බර්ගර්, පීසා, බිස්කට්, කේක් ඇතුළු ආහාර වර්ග රැසක් පාසල් ආපනශාලාවල විකිණීම තහනම්! නවතම මාර්ගෝපදේශය මෙන්න!
කෑගල්ලේදී දරුණු රිය අනතුරක්! වාහන 6ක් එකිනෙක ගැටෙයි! අයෙක් මරුට! 10කට තුවාල! (වීඩියෝ)
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියර් ස්ටාමර් ධුරයෙන් ඉල්ලා අස්වෙයි
මෙවැනි දරුවන්ව පාසලට යවන්න එපා! සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලයි!
අමෙරිකාවේ ඉහළ පෙළේ නියෝජිතයෙක් තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට
යළි සෙලවුණු ශ්‍රී ලංකා රුපියල
දිනක් තුළ වාර්තා වූ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඊයේ දිනයේ වාර්තා වෙයි! රෝගීන් 1,000 ඉක්මවයි!
සැක සහිත අයෙකු ගැන සලේගේ බිරිඳගෙන් පැමිණිල්ලක්