Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

බදු ගෙවන්නන්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල රුපියල් බිලියන 550ක්

2 hours ago

ශ්‍රී ලංකාවේ බදු ගෙවන්නන් විසින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව (IRD) වෙත රුපියල් බිලියන 550කට අධික හිඟ බදු මුදලක් ගෙවීමට ඇති බව අනාවරණය වී තිබෙනවා.

නවතම බදු සංශෝධන පැහැදිලි කිරීම සඳහා පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීනුයි මෙය අනාවරණය කර ඇත්තේ.

මෙම හිඟ බදු මුදල්වලින් රුපියල් බිලියන 100කට ආසන්න ප්‍රමාණයක් අය කර ගැනීම සඳහා මේ වන විටත් නීතිමය පියවර ගනිමින් පවතින බවයි නිලධාරීන් සඳහන් කර තිබෙන්නේ.

මීට අමතරව, මෙම හිඟ මුදල් අය කර ගැනීම සඳහා දෙපාර්තමේන්තුව විසින් තවත් ක්‍රමවේද කිහිපයක්ම භාවිත කරමින් සිටින බව ද ඔවුන් පවසා තිබෙනවා.

එම පියවරයන් අතරට බැංකු ගිණුම් අත්හිටුවීම (Freezing), දේපළ පවරා ගැනීම (Attaching assets) සහ හිඟ බදු පැහැර හැර ඇති බදු ගෙවන්නන් සමග සාකච්ඡා කර අදාළ හිඟ මුදල් පියවීමට පහසුකම් සැලසීම ඇතුළත්.

දේශීය ආදායම් පනත යටතේ අදාළ ප්‍රතිපාදන සලසා ඇති බැවින්, අධිකරණ නියෝගයකින් තොරව බැංකු ගිණුම් අත්හිටුවීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට නීතිමය බලය ඇති බව ද එහිදී පැහැදිලි කර තිබෙනවා.

මේ අතර, දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් රුක්දේවී ප්‍රනාන්දු ප්‍රකාශ කර ඇත්තේ, 2026 වර්ෂය සඳහා දෙපාර්තමේන්තුව වෙත රුපියල් බිලියන 2,401ක බදු ආදායම් ඉලක්කයක් පවරා ඇති බවයි.

ශ්‍රී ලංකාව තුළ මේ වන විට තනි පුද්ගල බදු ගෙවන්නන් මිලියන 1.3ක් (ලක්ෂ 13ක්) පමණ සිටින අතර, සමාගම් 130,000ක් පමණ බදු ගෙවන්නන් ලෙස ලියාපදිංචි වී තිබෙනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *