වලස්මුල්ල ප්‍රදේශයේ පාසලක සිසුන් පිරිසකගේ බෑග් පරීක්ෂාවට ලක් කිරීමේ දී එම බෑග්වල තිබී දුම්වැටි හමුව තිබෙනවා.
ඒ, සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර සොයාබැලීමේ දී පාසලේ වැසිකිළියක් තුළ දුම්පානය කිරීමට හුරුවී සිටින සිසුවියන් පිරිසක් හඳුනාගැනීමට හැකිව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.
පාසල් දරුවන්ගේ නවතම විලාසිතාවක් ලෙස විවිධ විනය විරෝධි ක්‍රියාකාරකම් සිදුකර මුහුණු පොතට එකතු කිරීම පිළිබඳව පසුගිය දිනවල දී දැඩි කතා බහක් මතු වුණා.
එවැනි විලාසිතාවන් අනුකරණය කරමින් පාසලේ වැසිකිළියක් තුළ දුම්වැටි පානය කළ පිරිසක් ලෙස මෙම සිසුවියන් පිරිස අනෙකුත් සිසු සිසුවියන් අතර ඉතා ජනප්‍රිය වී ඇති බව සඳහන්.
නමවන වසරේ ඉගෙනුම ලබන මෙම සිසුවියන්, දුම්වැටි පාසලට රැගෙන පැමිණි සිසුන් හා එකම පන්තියේ ඉගෙනුම බවයි වාර්තා වන්නේ.
එහිදී සිසුන් කිහිප දෙනෙකුගේ පොත් බෑග් තුළ දුම්වැටි තිබී හමුව ඇති අතර, එම සිසුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ලද තොරතුරු මත සිසුවියන් කිහිපදෙනෙකු පරීක්ෂණ කමිටුව හමුවට ගෙන ඒමට කටයුතු කර ඇති බව සඳහන්.
එහිදී ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ පාපොච්චාරණය කර ඇත්තේ පාසලේ වැසිකිළියක් තුළ දුම්පානය සඳහා එම පිරිස හුරුව සිටින බවටයි.
වහාම එම සිසු සිසුවියන්ගේ දෙමව්පියන් පාසලට කැදවීමට පාසල් පාලන අධිකාරිය තීරණය කළ අතර එහිදී දරුවන් පිළිබදව දක්වන සැලකිල්ල ප්‍රමාණවත් නොවන බව හා පාසලේ නාමයට සිදුකරන ලද හානිය පිළිබදව පවසමින් පැමිණි දෙමව්පියන්ට ලුණු ඇඹුල් ඇතිව කරුණු පැහැදිලි කිරීමට කටයුතු කර තිබුණා.
පරීක්ෂණ මණ්ඩලය විසින් විනය විරෝධීව හැසුරුණු සියලුම සිසු සිසුවියන් පන්ති තහනමකට ද ලක්කිරීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වුණේ.
source – dasathalankanews

බලශක්ති ඇමති කුමාර ජයකොඩි ඉල්ලා අස්වෙයි
චමරි අතපත්තු ක්‍රිකට් වලින් සමුගන්නවාද?
ඉන්දීය උප ජනපති දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට
ඇප ඉල්ලූ කපිල චන්ද්‍රසේනට අධිකරණයෙන් දුන් නියෝගය
ගල්අඟුරු මිලදී ගැනීම් විමර්ශනය කිරීම සඳහා පූර්ණ බලැති ජනාධිපති කොමිසමක්
දැදුරු ඔයේ ගිලීමෙන් මියගිය පුද්ගලයින් ගණන 6 දක්වා ඉහළට
දික්ඕවිටට රැගෙන ආ බහුධින ධීවර යාත්‍රාවේ රු.කෝටි 400කට අධික හෙරොයින්
වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ආරක්ෂාව දෙන්න – සීලරතන හිමි
1 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම ගැන අමාත්‍යාංශයෙන් නිවේදනයක්
අද අව් වැසි තත්ත්වය
බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතය නම් කෙරේ
බොරතෙල් බැරලයකට වැඩිම මිල අ.ඩො 286ක් ගෙවා ශ්‍රී ලංකාව තෙල් අරන්? ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දැනුම්දීමක්