වලස්මුල්ල ප්‍රදේශයේ පාසලක සිසුන් පිරිසකගේ බෑග් පරීක්ෂාවට ලක් කිරීමේ දී එම බෑග්වල තිබී දුම්වැටි හමුව තිබෙනවා.
ඒ, සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර සොයාබැලීමේ දී පාසලේ වැසිකිළියක් තුළ දුම්පානය කිරීමට හුරුවී සිටින සිසුවියන් පිරිසක් හඳුනාගැනීමට හැකිව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.
පාසල් දරුවන්ගේ නවතම විලාසිතාවක් ලෙස විවිධ විනය විරෝධි ක්‍රියාකාරකම් සිදුකර මුහුණු පොතට එකතු කිරීම පිළිබඳව පසුගිය දිනවල දී දැඩි කතා බහක් මතු වුණා.
එවැනි විලාසිතාවන් අනුකරණය කරමින් පාසලේ වැසිකිළියක් තුළ දුම්වැටි පානය කළ පිරිසක් ලෙස මෙම සිසුවියන් පිරිස අනෙකුත් සිසු සිසුවියන් අතර ඉතා ජනප්‍රිය වී ඇති බව සඳහන්.
නමවන වසරේ ඉගෙනුම ලබන මෙම සිසුවියන්, දුම්වැටි පාසලට රැගෙන පැමිණි සිසුන් හා එකම පන්තියේ ඉගෙනුම බවයි වාර්තා වන්නේ.
එහිදී සිසුන් කිහිප දෙනෙකුගේ පොත් බෑග් තුළ දුම්වැටි තිබී හමුව ඇති අතර, එම සිසුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ලද තොරතුරු මත සිසුවියන් කිහිපදෙනෙකු පරීක්ෂණ කමිටුව හමුවට ගෙන ඒමට කටයුතු කර ඇති බව සඳහන්.
එහිදී ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ පාපොච්චාරණය කර ඇත්තේ පාසලේ වැසිකිළියක් තුළ දුම්පානය සඳහා එම පිරිස හුරුව සිටින බවටයි.
වහාම එම සිසු සිසුවියන්ගේ දෙමව්පියන් පාසලට කැදවීමට පාසල් පාලන අධිකාරිය තීරණය කළ අතර එහිදී දරුවන් පිළිබදව දක්වන සැලකිල්ල ප්‍රමාණවත් නොවන බව හා පාසලේ නාමයට සිදුකරන ලද හානිය පිළිබදව පවසමින් පැමිණි දෙමව්පියන්ට ලුණු ඇඹුල් ඇතිව කරුණු පැහැදිලි කිරීමට කටයුතු කර තිබුණා.
පරීක්ෂණ මණ්ඩලය විසින් විනය විරෝධීව හැසුරුණු සියලුම සිසු සිසුවියන් පන්ති තහනමකට ද ලක්කිරීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වුණේ.
source – dasathalankanews

දිනකට පරිභෝජනය කළ යුතු ලුණු ප්‍රමාණය ගැන සෞඛ්‍ය අංශවලින් දැනුම්දීමක්
ගම්පොළම කම්පා කළ ඛේදවාචකයක්! 16 හැවිරිදි පෙම්වතිය එලොව යැවූ පෙම්වතාගේ සිරුර තේ වත්තකින් හමු වෙයි!
සිලි සිලි බෑග් වෙනුවට පරිසර හිතකාමී කඩදාසි බෑග්
ට්‍රම්ප් BBCයෙන් ඩොලර් බිලියන 5ක වන්දි ඉල්ලයි
අම්බලන්ගොඩ දේවාල සභාපති ඝාතනයේ සැකකරුවන් අල්ලයි
ජනාධිපති වැය ශීර්ෂයේ මුදලින් නාමල්ගේ උපන්දිනය සැමරූ හැටි පාර්ලිමේන්තුවේදී හෙළිවෙයි
2022, 2023, 2024 වසරවල උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට සුබ ආරංචියක්! රජයෙන් පොලී රහිත ණයක්!
ඖෂධ වර්ග 350ක මිල අඩු කෙරේ
දුන් පොරොන්දු ඉටු කරමින් ජනපති රටට ඉතිරි කළ මුදල හෙළි වෙයි
ජපානයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස චීනයෙන් දැනුම්දීමක්
ලබන අවුරුද්දේ සාමාන්‍ය පෙළ විභාග දෙකක්
නාමල් රාජපක්ෂ හා සුමන්තිරන් අතර හමුවක්