සීනිමෝදර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය සමග රෝහලේදී මිය ගිය පුද්ගලයාගේ අත්අඩංගුවට ගත් පුත්‍රයා කරුණු රැසක් සම්බන්ධයෙන් පොලිසිය හමුවේ පාපොච්චාරණය කර තිබෙනවා.
සීනිමෝදර ප්‍රදේශයේ අලුත්වැඩියා කටයුතු සිදුකරමින් පැවැති නිවසක සැකකටයුතු ලෙස මිය ගිය තරුණයන් දෙදෙනා සමග සිටි 50 හැවිරිදි තංගල්ල – විතාරන්දෙණිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ද තංගල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්වුණා.
ඔහුගේ පුත්‍රයෙකු පොලිසිය විසින් පසුව අත්අඩංගුවට ගත් අතර ඔහු අදාළ මත්ද්‍රව්‍ය මුහුදු මාර්ගයේ ඔස්සේ ගොඩබිමට රැගෙන ආ ආකාරය සම්බන්ධයෙන් පාපෝච්චාරණය කර තිබෙනවා.
ඔහු පවසා ඇත්තේ පසුගිය 21 වැනිදා රාත්‍රී 7.00ට පමණ සීනිමෝදර ප්‍රදේශයේ මහවැල්ල වෙරළට තමන් ඇතුළු සිය පියා, මිය ගිය තරුණයින් දෙදෙනා සහ අත්අඩංගුවේ පසුවන කොමඩු ලොරි රථයේ හිමිකරු සහ පලාගිය අනෙක් පුද්ගලයා පැමිණි බවයි.
අනතුරුව රාත්‍රී 11.30ට පමණ මත්ද්‍රව්‍ය රැගත් ධීවර යාත්‍රා දෙක පැමිණි අතර එහිදී එක් යාත්‍රාවක් ගොඩබිමේදී පෙරලුණු බවත් ඔහු පොලිසියට පවසා තිබෙනවා.
එහිදී පෙරලුණු යාත්‍රාවේ මත්ද්‍රව්‍ය තොගය වෙරළට වැටී තිබූ අතර පසුව ලොරි රථ ඔස්සේ සීනිමෝදර පිහිටි අදාළ නිවස වෙත රැගෙන ආ බව ඔහු පැවසූ බව පොලිසිය ප්‍රකාශ කළා.
අනතුරුව එම මත්ද්‍රව්‍ය තොගය පාර්සල් කිරීමට සිය පියා සහ මිය ගිය අනෙක් තරුණයින් දෙදෙනා ආරම්භ කළ බවයි සැකකරු පාපොච්චාරණය කර ඇත්තේ.
එහිදී ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ සිය පියා ඇතුළු තිදෙනා නිවසේ දොර අගුළු දමා අදාළ කටයුත්ත සිදු කළ බවයි.
පසුව එම පාර්සල් තමා විසින් අදාළ ලොරී රථවලට පැටවු බවත් සැකකරු පොලිසිය හමුවේ පවසා තිබෙනවා.
අදාළ ලොරි රථ 3හි ලියාපදිංචි හිමිකරුවන් තිදෙනා ද පෙරේදා රාත්‍රියේ අත්අඩංගුවට ගත් අතර ඉන් එක් සැකකරුවෙකු ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 29 වැනිදා දක්වා රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට නියෝග කෙරුණා.
සෙසු ලොරි රථ දෙකෙහි හිමිකරුවන් දෙදෙනා ඊයේ පස්වරුවේ තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
එම ලොරි රථ තුනේම තිබී හොරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 284යි ග්‍රෑම් 414ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 420යි ග්‍රෑම් 760ක් සොයා ගත් අතර එහි තිබී සොයාගත් සමස්ත මත්ද්‍රව්‍ය තොගයේ බර කිලෝ 705යි ග්‍රෑම් 174ක්.
ඒවායේ මූල්‍යමය වටිනාකම රුපියල් මිලියන 9,888ක් බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

බලශක්ති අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක් පත් කරයි
හෙට (18) මධ්‍යම රාත්‍රියේ සිට නැවත QR ක්‍රමය
ලිට්රෝ සමාගමෙන් දැනුම්දීමක්
සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය චන්ද්‍රිකාට ඉගැන් වූ පාඩම
අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වෙමින් කුමාර ජයකොඩි ජනපතිට යැවූ ලිපිය මෙන්න
බලශක්ති ඇමති කුමාර ජයකොඩි ඉල්ලා අස්වෙයි
චමරි අතපත්තු ක්‍රිකට් වලින් සමුගන්නවාද?
ඉන්දීය උප ජනපති දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට
ඇප ඉල්ලූ කපිල චන්ද්‍රසේනට අධිකරණයෙන් දුන් නියෝගය
ගල්අඟුරු මිලදී ගැනීම් විමර්ශනය කිරීම සඳහා පූර්ණ බලැති ජනාධිපති කොමිසමක්
දැදුරු ඔයේ ගිලීමෙන් මියගිය පුද්ගලයින් ගණන 6 දක්වා ඉහළට
දික්ඕවිටට රැගෙන ආ බහුධින ධීවර යාත්‍රාවේ රු.කෝටි 400කට අධික හෙරොයින්