හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පදිංචිව සිටි විජේරාමේ පිහිටි නිල නිවසෙහි ඇති රජය සතු භාණ්ඩ සම්බන්ධයෙන් ලේඛන ලබා ගැනීම සඳහා නිලධාරීන්ගේ පැමිණීම ප්‍රමාදවීම හේතුවෙන්, එම නිල නිවස භාරදීමට ප්‍රමාද වී ඇති බව මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ පවසනවා.
ලේඛන ලබාගැනීම සඳහා අදාළ නිලධාරීන් අද දිනයේදී පැමිණි බවයි ඔහු පවසා සිටියේ.නිවස භාරදෙන ලෙස සඳහන් කර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් අදාළ ලිපිය එවා ඇත්තේ සැප්තැම්බර් 24 වැනිදා බවත්, එහි නිශ්චිත කාලසීමාවක් දක්වා නොමැති බවත් ඔහු පෙන්වා දෙනවා.
මෙහි ජනාධිපති කාර්යාලය හා අග්‍රාමාත්‍ය කාර්යාලයට අයිති රාජ්‍ය දේපළ ඇති බවත්, එම බඩු භාණ්ඩ හඳුනාගෙන ඒවා සලකුණු කරන ලෙසට තමන් දැනුම් දී තිබුණු බවත්, ඒ සඳහා අදාළ නිලධාරීන්ගේ පැමිණීම ප්‍රමාදවීම නිසා නිවස භාරදීමට නොහැකි වී ඇති බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටින්නේ.
මහින්ද ජනාධිපතිවරයා විසින් රජයට අයත් භාණ්ඩ ලොරිවල පටවාගෙන ගියේ යැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක මාධ්‍යවලට ප්‍රකාශ කළ හැකි බවද, ආණ්ඩුවට අවශ්‍ය මාධ්‍ය සංදර්ශනයක් සිදුකර හිටපු ජනාධිපතිවරයාට ‘මඩක් ගැසීමට’ බවද මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ සඳහන් කර සිටිනවා.

බලශක්ති ඇමති කුමාර ජයකොඩි ඉල්ලා අස්වෙයි
චමරි අතපත්තු ක්‍රිකට් වලින් සමුගන්නවාද?
ඉන්දීය උප ජනපති දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට
ඇප ඉල්ලූ කපිල චන්ද්‍රසේනට අධිකරණයෙන් දුන් නියෝගය
ගල්අඟුරු මිලදී ගැනීම් විමර්ශනය කිරීම සඳහා පූර්ණ බලැති ජනාධිපති කොමිසමක්
දැදුරු ඔයේ ගිලීමෙන් මියගිය පුද්ගලයින් ගණන 6 දක්වා ඉහළට
දික්ඕවිටට රැගෙන ආ බහුධින ධීවර යාත්‍රාවේ රු.කෝටි 400කට අධික හෙරොයින්
වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ආරක්ෂාව දෙන්න – සීලරතන හිමි
1 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම ගැන අමාත්‍යාංශයෙන් නිවේදනයක්
අද අව් වැසි තත්ත්වය
බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතය නම් කෙරේ
බොරතෙල් බැරලයකට වැඩිම මිල අ.ඩො 286ක් ගෙවා ශ්‍රී ලංකාව තෙල් අරන්? ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දැනුම්දීමක්