යුද්ධ හමුදාව විසින් දිගුකාලීනව භාවිතයට ගෙන අයෝග්‍ය තත්ත්වයට පත්කර තිබූ වාහන 76ක් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝගේ උපදෙස් පරිදි නවීකරණය කිරීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් කටයුතු කර තිබෙනවා
එම රථවාහන අද (24) දින සිට නැවත යුද්ධ හමුදාවේ භාවිතයට යොදා ගැනීමට නියමිතයි
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක කළ ව්‍යාපෘතියක් යටතේ නවීකරණය කල මෙම වාහන නැවත යුද්ධ හමුදාවේ සේවය සඳහා එක් කිරීමට හැකිවීම තුලින් යුද්ධ හමුදාව සඳහා විදෙස් රටවලින් වාහන ගෙන්වීමට වැය වන අතිවිශාල විදේශ විනිමය ප්‍රමාණයක් ඉතිරි කරගැනීමට හැකියාව ලැබෙනවා
තවද මෙම වාහන නැවත භාවිතයට යෙදවීම තුලින් යුද්ධ හමුදාව විසින් කුලී ගෙවීමේ පදනම මත ලබා ගන්නා ලද වාහන සඳහා මාසිකව වැයකරන රුපියල් මිලියන 10 ක පමණ මුදල් ප්‍රමාණයක් රජයට ඉතිරි කර දීමටත් එම මුදල් යුද්ධ හමුදාවේ සහ රටේ දියුණුව සඳහා යෙදවීමටත් හැකියි
ශ්‍රී ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව විසින් ක්‍රියාත්මක කල මෙම ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ ට්‍රක් රථ, බස් රථ, වතුර බවුසර්, යුනි බෆල් රථ, කැබ් රථ, ගිලන් රථ, වෑන් රථ, ගලි බවුසර් ඇතුළු වාහන 76ක් මෙලෙස නවීකරණය කර යළි සේවයට එක් කර තිබෙනවා

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 6-9 ශ්‍රේණිවල ඉගෙනුම් ක්රියාවලියෙහි වෙනස්කම් රැසක්! උගන්වනු ලබන විෂයන් හා එක් එක් විෂයෙහි සම්භාර අගයන් මෙන්න!
රියදුරු බලපත්‍ර ගාස්තුවේ වෙනසක්? මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්ගෙන් පැහැදිලි කිරීමක්
තමිල්නාඩු – කන්කසන්තුරේ මගී ප්‍රවාහන බෝට්ටු සේවය තාවකාලිකව නවතී
අණ නොතකා ධාවනය කළ ට්‍රැක්ටරයකට යාපනයේදී පොලිසියෙන් වෙඩි
සුළං සැරයි! කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්!
ත්‍රීරෝද රථ 2ක් ගැටී බිහිසුණු අනතුරක්! ගැබිනි මවක් ඇතුළු 4කට බරපතල තුවාල!
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත ඝාතනයට තිදෙනෙක් අත්අඩංගුවට
ව්‍යාජ Whatsapp සමූහයක් පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුම් දීමක්
රත්මලානේ දී පොලීසිය වෙඩිතැබූ වෑන් රථය ගැන තොරතුරු හෙළිවෙයි
දැන් ඇල්ල වංගුවෙන් ගුවන්ගත වෙන්න පුළුවන්. අඩි දාහක් පහළින් මෙට්ට දැම්මා නම් සම්පූර්ණයි- වෛද්‍ය පාලිත රාජපක්ෂ
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ප්‍රාථමික ශ්‍රේණි කාණ්ඩ කිරීමක්! උගන්වනු ලබන විෂයන් හා පාසල් පවත්වන වේලාව පිළිබඳ තොරතුරු මෙන්න!
සෙව්වන්දිට රට පනින්න බෝට්ටුව දුන් තැනැත්තාගෙන් හෙළිදරව්වක්