Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මිනුවන්ගොඩින් ඇසෙන හඳ කම්පනය කරවන පුවත! වයෝවෘද්ධ කතක් දූෂණය කර මරා දමලා!

10 hours ago

වයෝවෘධ කාන්තාවක් දූෂණය කර මුහුණට මිරිස් කුඩු ගසා ගෙළ මිරිකා ඇයව ඝාතනය කර ඇති මිනුවන්ගොඩ පොලිසිය පවසනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මිනුවන්ගොඩ, යටියන ප්‍රදේශයේ නිවසක තනිව පදිංචිව සිටි අවුරුදු 71ක කාන්තාවක්.

යාබද නිවසක සිටි කාන්තාවක් ඊයේ (24) නිවසට පැමිණ සොයා බැලීමේ දී මිරිස් කුඩු මුහුණේ ගෑවී මියගිය කාන්තාව බිම වැටී සිටිනු දැක ඒ බව පොලිසියට දැනුම් දී තිබෙනවා.

මිනුවන්ගොඩ වැඩබලන මහේස්ත්‍රාත් ඉන්ද්‍රාණි රත්නායක මහත්මිය ස්ථානීය පරීක්ෂා කර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ගම්පහ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කරන ලෙසයි නියෝග කර ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මිනුවන්ගොඩ පොලිසිය විසින් සිදුකරනු ලබනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *