Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

හිටපු ප්‍රබල මන්ත්‍රීවරයෙක් දිලිත් සමඟින් එක්වෙයි! ලොකු තනතුරකුත් පිරිනමයි!

3 hours ago

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා සර්වජන බලය පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන තිබෙනවා.

ඔහුව එම පක්ෂයේ ප්‍රධාන තනතුරු දෙකක් සඳහාද පත් කර ඇති බවයි වාර්තා වන්නේ

ඒ අනුව, මධුර විතානගේ මහතා සර්වජන බලය පක්ෂයේ විධායක කමිටු සභික සහ ජාතික මෙහෙයුම් ප්‍රධානී තනතුරු සඳහා පත් කර තිබෙනවා.

ඒ මහතාගේ පත්වීම් ලිපිය ඊයේ (24) පෙරවරුවේ සර්වජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ව්‍යවසායක දිලිත් ජයවීර මහතා විසින් මධුර විතානගේ මහතා වෙත ලබා දුන්නේය.

ඒ කොළඹ පිහිටි පක්ෂ කාර්යාලයේදීය.

මධුර විතානගේ මහතා 2011 සිට 2016 දක්වා කාලය තුළ කෝට්ටේ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති ලෙස කටයුතු කළ අතර පසුගිය 2018 වසරේ සිට 2020 දක්වා කාලය තුළ කෝට්ටේ නගරාධිපති ලෙසද කටයුතු කර තිබේ. 

එමෙන්ම පසුගිය 2020-2024 කාලයේදී ඒ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙසද කටයුතු කළේය. 

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *