මීට දින දෙකක සිට අතුරුදන්ව සිටින රංගන ශිල්පී රංජිත් ද සිල්වා මහතා පිළිබඳව මෙතෙක් කිසිදු තොරතුරක් නොමැති බව පොලිසිය සඳහන් කරනවා.
ඒ මහතා අතුරුදන් වන විට කිසියම් අසනීප තත්ත්වයකින් පසුවූ බවට පවුලේ ඥාතීන් පැවසූ අතර ඔහු පිළිබඳ තොරතුරක් වෙතොත් පෑලියගොඩ පොලිස් ස්ථානයට හෝ පවුලේ ඥාතීන්ට දැනුම් දෙන ලෙස ඔවුන් ඉල්ලා සිටිනවා.
රංගන ශිල්පී රංජිත් ද සිල්වා මහතා විදෙස් ගතව සිට මෙරටට පැමිණ තිබුණේ ඉකුත් සෙනසුරාදායි.
පසුව ඔහු සිය බිරිඳ සමඟ කැලණිය දළුගම ප්‍රදේශයේ පිහිටි සිය නිවසේ සිටි බවයි ඔහුගේ ඥාතීන් පැවසුවේ.
පසුගිය ඉරිදා බිරිඳ අවශ්‍යතාවයක් සඳහා නිවසින් පිටතට ගොස් ඇති අතර රංජිත් ද සිල්වා මහතා එම අවස්ථාවේදී නිවසේ සිට ඇත්තේ තනිවමයි.
බිරිඳ යළිත් නිවසට පැමිණ පරීක්‍ෂා කළ අවස්ථාවේ ඔහු නිවසෙහි සිට නැහැ.
පවුලේ ඥාතීන් සඳහන් කළේ 75 හැවිරිදි රංජිත් ද සිල්වා මහතා මතකය අහිමිවීමේ අසනීප තත්ත්වයකින්ද පෙළුණු බවයි.
අවසන් වරට ඔහු නිල් පැහැති ඩෙනිම් කලිසමක් සහ සුදු පැහැති කමිසයක් හැද සිට තිබෙනවා.
රංජිත් ද සිල්වා මහතා අවසන් වරට දැක ඇත්තේ පසුගිය ඉරිදා පස්වරු 6ට පමණ කැලණිය ටයර් හන්දිය ප්‍රදේශයේදීයි.
වයස අවුරුදු 75 ක් වූ එක් දරු පියෙකු වන ද සිල්වා මහතාට අමතක වීමේ රෝගී තත්ත්වයක් (ඩිමෙන්ෂියා) පැවති බවත්, ඔහු නිවසින් පිටව යන විට මුදල් පසුම්බියක් හෝ ජංගම දුරකථනයක් වැනි කිසිවක් රැගෙන ගොස් නොතිබූ බවත් ඥාතීන් පවසනවා.
“ඉසුරු භවන”, “පිටගම්කාරයෝ”, “දැවැන්තයා” වැනි ජනප්‍රිය ටෙලිනාට්‍යවලට මෙන්ම “නෙයිනගෙ සූදුව” සහ “සාජන්ට් නල්ලතම්බි” වැනි වේදිකා නාට්‍යවලට ද ඔහු රංගනයෙන් දායක වී ඇත.
ඔහු පිළිබඳ යම්කිසි තොරතුරක් වෙතොත් 071 6 543 296 හෝ 076 7 396 901 යන දුරකථන හරහා පවුලේ ඥාතීන් හට දැනුම් දෙන ලෙස ඔවුන් ඉල්ලා සිටිනවා.

කිරිඳි ඔය දෙපස වෙසෙන ජනතාවට අනතුරු ඇඟවීමක්
ජ’පුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ජනප්‍රිය රංගන ශිල්පිනී අයේෂා දිසානායක අත්අඩංගුවට
ජලාශ 15ක වාන් දොරටු විවර කරයි
වැලිගම සභාපති ආරක්ෂාව ඉල්ලා පොලිස්පතිට ලියූ ලිපිය ගැන පොලිසියෙන් නිවේදනයක්
බලශක්ති ඇමති හා ලේකම් මත ගැටුමක! ලේකම් දුන් සේවා දිගුවක් ඇමති අවලංගු කරයි!
ඩොලරයේ විකුණුම් මිල රුපියල් 307 සීමාව ඉක්මවා යයි
රජරට රැජින දුම්රියේ ගින්නක්
හිටපු ප්‍රබල මන්ත්‍රීවරයෙක් දිලිත් සමඟින් එක්වෙයි! ලොකු තනතුරකුත් පිරිනමයි!
මුහුදේ අඩුපීඩන කලාපය සුළිකුණාටුවක් වන ලකුණු
කාලගුණ දෙපාර්තුමේන්තුව ජනතාවගෙන් කළ ඉල්ලීම
2025 උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන්ට වැදගත් දැනුම්දීමක්
රට පුරා පැතිර යන රෝගයක් පිළිබඳව සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි