Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සජබ මන්ත්‍රී ජගත් විතානට මරණ තර්ජන! පාර්ලිමේන්තුවේදී හෙළිදරව්වක්!

1 day ago

සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානට මරණ තර්ජන එල්ල වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් කථානායකවරයාගේ අවධානය යොමු කොට වහාම ආරක්ෂාව සලසා දීමට කටයුතු කරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (24) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ මෙය ඉතාමත්ම බරපතල තත්ත්වයක් බවයි.

මෙහිදී අදහස් දක්වමින් ජගත් විතාන මන්ත්‍රීවරයා කියා සිටියේ පොලිස්පතිවරයාගේ රහස්‍ය වාර්තාවක් කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට ලැබී ඇති බවයි .

එමගින් සඳහන් කොට ඇත්තේ ගෙදරින් වාහනෙන් එළියට එන අවස්ථාවේදී තමා ඝාතනය කිරීමට සැලසුමක් තිබෙන බවත් මේ ගැන සොයා බලන ලෙසට මෙම රහස්‍ය වාර්තාවෙන් දන්වා ඇති බවයි.

එම රහස් වාර්තාව සභාගත කරමින් ජගත් විතාන මූලාසනයේ සිටි නියෝජ්‍ය කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේ තමාගේ ආරක්ෂාව තර කිරීමට වහාම කටයුතු කරන ලෙසයි.

ඉන් අනතුරුව යළිත් අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළේ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාද මීට පෙර ආරක්ෂාව ඉල්ලා සිටි නමුත් ආරක්ෂාව ලබා නොදුන් නිසා ඔහු ඝාතනය වූ බවත් එවැනි තත්ත්වයක් ඇතිවීමට යළිත් ඉඩ නොදී ජගත් විතාන මන්ත්‍රීවරයා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව ගැන වැඩි අවධානයක් කඩිනමින්ම යොමු කරන ලෙසයි.

මේ ගැන කථානායකවරයාගේ අවධානයට යොමු කරන බව නියෝජ්‍ය කතානායක රිස්වි සාලි කියා සිටියා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *