මත්ද්‍රව්‍ය ජාවාරම තුළින් මුදල් උපයා ගැනීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘ලොකු පැටී’ සහ ඔහුට ආධාර අනුබල දුන්නේ යැයි කියන දිනේෂ් කුමාර නැමැති දේවාල කපුවෙකු ලබන 31 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
මෙම සැකකරුවන් ඇප මත මුදා හරින ලෙස කර තිබෙන ඉල්ලීම් පිළිබඳ නියෝගය එදින ප්‍රකාශයට පත් කරන බවයි නඩුව අද (24) කැඳවූ අවස්ථාවේ දී අධිකරණය විසින් දැනුම් දී තිබෙන්නේ.
මෙම නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී බන්ධනාගාරගත කර සිටින ‘ලොකු පැටී’ නැමැති සැකකරු Zoom ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ පසුවන තුසිතා නිරෝෂණී නැමැත්තියගේ ප්‍රකාශයට අනුව ඇය ‘ලොකු පැටී’ නැමැත්තාගෙන් ලබාගන්නා මත්ද්‍රව්‍ය ජාවාරම් කර, එම මුදල් සැකකාර කපුවාගේ ගිණුමට තැන්පත් කර තිබෙන බව ප්‍රකාශ කර තිබෙනවා.
ඇය විසින් රුපියල් ලක්ෂ හැත්තෑවක මුදලක් මෙම ගිණුමට තැන්පත් කර ඇති බවත්, මේ ආකාරයෙන් වරින් වර අදාළ ගිණුමට මුදල් බැර වී තිබෙන ආකාරය විමර්ශනවලදී නිරීක්ෂණය වුණු බවත් පොලිසිය සඳහන් කළා.
මෙම මුදල් බැරවන්නේ සැකකාර කපුවාගේ දැනුම මත බවත්, මේ ආකාරයෙන් රුපියල් කෝටි 33 කට ආසන්න මුදලක් තැන්පත් වී ඇති බවත්, ඉන් කෝටි 32 ක් චෙක්පත් මාර්ගයෙන් මෙම සැකකාර කපුවා විසින් ලබා ගෙන තිබෙන බවත්, මෙම මුදල් මත්ද්‍රව්‍ය ජාවාරම තුළින් ලැබී ඇති බවට සැක කෙරෙන බවත් පෙන්වා දුන් විමර්ශන නිලධාරීන්, අදාළ මුදල් යළි මත්ද්‍රව්‍ය ජාවාරමට යොදවා තිබේදැයි වැඩිදුර විමර්ශන සිදු කරන බව ද සඳහන් කර තිබෙනවා.
මෙම විමර්ශනවල දී තවත් ගිණුම් තුනක් අනාවරණය වී ඇති බවත්, ඒ හරහා රුපියල් කෝටි 1000 ක් පමණ මුදල් සංසරණය වී ඇති බවට කරුණු අනාවරණය වී ඇති බවත්, විමර්ශන නිලධාරීන් ඒ සම්බන්ධයෙන් ද වැඩිදුර විමර්ශන සිදු කරන බවයි එහිදී වැඩිදුරටත් අධිකරණයට දැනුම් දී ඇත්තේ.
තම සේවාදායකයාගේ ගිණුමට බැර වී තිබෙන්නේ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදල් නොව, බැතිමතුන් විසින් දේවාලයට පරිත්‍යාග වශයෙන් ලබාදුන් මුදල් බවත්, සිය සේවාදායකයාට සාක්ෂිකරුවන්ට බලපෑම් සිදු කිරීමට හැකියාවක් නොමැති බැවින් ඔහු ඇප මත මුදා හරින ලෙසත් සැකකාර කපුවා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉල්ලා සිටියා.
මෙම ඉල්ලීම් සම්බන්ධයෙන් නීතිමය තත්ත්වයන් පැහැදිලි කරමින් තමන් ලිඛිත නියෝගයක් ලබාදීමට අපේක්ෂා කරන බවත්, ඒ අනුව අදාළ නියෝගය ලබන 31 වැනිදා ලබා දෙන බවත් දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සඳහන් කර තිබෙනවා.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 6-9 ශ්‍රේණිවල ඉගෙනුම් ක්රියාවලියෙහි වෙනස්කම් රැසක්! උගන්වනු ලබන විෂයන් හා එක් එක් විෂයෙහි සම්භාර අගයන් මෙන්න!
රියදුරු බලපත්‍ර ගාස්තුවේ වෙනසක්? මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්ගෙන් පැහැදිලි කිරීමක්
තමිල්නාඩු – කන්කසන්තුරේ මගී ප්‍රවාහන බෝට්ටු සේවය තාවකාලිකව නවතී
අණ නොතකා ධාවනය කළ ට්‍රැක්ටරයකට යාපනයේදී පොලිසියෙන් වෙඩි
සුළං සැරයි! කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්!
ත්‍රීරෝද රථ 2ක් ගැටී බිහිසුණු අනතුරක්! ගැබිනි මවක් ඇතුළු 4කට බරපතල තුවාල!
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත ඝාතනයට තිදෙනෙක් අත්අඩංගුවට
ව්‍යාජ Whatsapp සමූහයක් පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුම් දීමක්
රත්මලානේ දී පොලීසිය වෙඩිතැබූ වෑන් රථය ගැන තොරතුරු හෙළිවෙයි
දැන් ඇල්ල වංගුවෙන් ගුවන්ගත වෙන්න පුළුවන්. අඩි දාහක් පහළින් මෙට්ට දැම්මා නම් සම්පූර්ණයි- වෛද්‍ය පාලිත රාජපක්ෂ
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ප්‍රාථමික ශ්‍රේණි කාණ්ඩ කිරීමක්! උගන්වනු ලබන විෂයන් හා පාසල් පවත්වන වේලාව පිළිබඳ තොරතුරු මෙන්න!
සෙව්වන්දිට රට පනින්න බෝට්ටුව දුන් තැනැත්තාගෙන් හෙළිදරව්වක්