මහරගම ඇරැව්වල නිවසක ඊයේ 10 රාත්‍රියේ ආරවුලක් දුරදිග යාමෙන් පුද්ගලයෙකු විසින් සිය නැන්දම්මාට පුටුවකින් පහරදී බරපතල තුවාල සිදුකර ඇතැයි මහරගම පොලිසිය සඳහන් කරයි.
තුවාල ලද නැන්දම්මා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව පොලිසිය පවසයි.
පහරදුන් බව කියන සැකකාර ව්‍යාපාරික බෑනා ප්‍රදේශය හැර පලා ගොස් ඇත.
පළා ගොස් සිටින සැකකාර පුද්ගලයා ඔහුගේ බිරිඳ හා නැන්දම්මා සමඟ එකම නිවසක වාසය කරන අතර ඔවුනොවුන් අතර නිරතුරුවම ආරවුල් හටගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් මහරගම පොලිසියේ පැමිණිලි රැසක් ඇතැයි පොලිස් නිලධාරියකු පැවැසීය.
පෙරේදා 10 රාත්‍රියේ ද පළා ගොස් සිටින සැකකරු බිරිඳ සමඟ ආරවුලක් හටගෙන ඇති අතර එයට මැදිහත් ව තිබූ නැන්දම්මාට පුටු ප්‍රහාරය එල්ල කර ඇතැයි පොලිසිය කියයි.
මහරගම පොලිසිය මේ පිළිබද වැඩිදුර පරීක්ෂණ පවත්වයි
(අරුණ – බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ශ්‍රී ලංකා පිල අසීරු අඩියක
“ඒ ඒකාබද්ධ විපක්ෂය මේ ඒකාබද්ධ විපක්ෂය නොවේ..” – ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයෙන් නිවේදනයක්
ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ නව සභාපති පුටුවට විශ්‍රාමික අද්මිරාල්වරයෙක්
22 ගැන ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනමත විචාරණයක් සහ පූර්ණ විනිසුරු මඬුල්ලක විමසුමක් ඉල්ලයි
පාස්කු නඩුවේ තීන්දුව ලබාදීමට දින නියම වෙයි
2027 වසරේ ශිෂ්‍යත්ව, සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග පැවැත්වෙන දින ප්‍රකාශයට පත් කරයි
පෞද්ගලික අංශයටත් කෝච්චි සීසන් ඔන්ලයින් ගන්න අවස්ථාව
ICCයෙන් ජයිස්වාල්ට සහ අසිතට ලැබුණු දඩ
එල්නිනෝ හමුවේ විදුලි කප්පාදුවක්?
මෙරට එක්සත් ජනපද තානාපති එරික් මයර් දිවයිනට
ලොව වයස්ගතම තැනැත්තිය සිය 117 වැනි උපන්දින සමරයි
රුපියල ශක්තිමත් වෙයි