මහරගම ඇරැව්වල නිවසක ඊයේ 10 රාත්‍රියේ ආරවුලක් දුරදිග යාමෙන් පුද්ගලයෙකු විසින් සිය නැන්දම්මාට පුටුවකින් පහරදී බරපතල තුවාල සිදුකර ඇතැයි මහරගම පොලිසිය සඳහන් කරයි.
තුවාල ලද නැන්දම්මා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව පොලිසිය පවසයි.
පහරදුන් බව කියන සැකකාර ව්‍යාපාරික බෑනා ප්‍රදේශය හැර පලා ගොස් ඇත.
පළා ගොස් සිටින සැකකාර පුද්ගලයා ඔහුගේ බිරිඳ හා නැන්දම්මා සමඟ එකම නිවසක වාසය කරන අතර ඔවුනොවුන් අතර නිරතුරුවම ආරවුල් හටගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් මහරගම පොලිසියේ පැමිණිලි රැසක් ඇතැයි පොලිස් නිලධාරියකු පැවැසීය.
පෙරේදා 10 රාත්‍රියේ ද පළා ගොස් සිටින සැකකරු බිරිඳ සමඟ ආරවුලක් හටගෙන ඇති අතර එයට මැදිහත් ව තිබූ නැන්දම්මාට පුටු ප්‍රහාරය එල්ල කර ඇතැයි පොලිසිය කියයි.
මහරගම පොලිසිය මේ පිළිබද වැඩිදුර පරීක්ෂණ පවත්වයි
(අරුණ – බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ)