Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පාසල් දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබාදීම පිළිබඳව අගමැතිනියගෙන් පැහැදිලි කිරීමක්

10 months ago

6 වැනි වසරට සෞඛ්‍ය පිළිබඳ මොඩියුලයක් විෂය මාලාවට හඳුන්වා දී ඇති බවත්, එය තමන්ගේ ශරීරය සෞඛ්‍යමත් ලෙස පවත්වාගෙන යෑම පිළිබඳ මූලික දැනුමක් ලබා දෙන වයසට සුදුසු පොතක් බවත් අගමැතිනි හරිනි අමරසූරිය මහත්මිය සඳහන් කරයි. 

ලිංගික අධ්‍යාපනය ලබා දිය යුතු බවට පවුල් සෞඛ්‍ය ඒකකය සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ විශේෂඥ වෛද්‍යවරුන් නිරන්තරයෙන්ම පෙන්වා දෙන බව ඇය පැවසුවාය. 

එයට හේතුව ලෙස ඇය දක්වා ඇත්තේ අපේ රට තුළ ලිංගික අපචාරවලට සහ පීඩනයට දරුවන් ලක්වීමේ ප්‍රවණතාවය එන්න එන්න වර්ධනය වීම නිසා, දරුවන්ට මේවායින් ආරක්ෂා වීම උගන්විය යුතු බවයි.

ළමා ආරක්ෂක අධිකාරිය ද මෙය බරපතල ප්‍රශ්නයක් ලෙස පෙන්වා දී ඇති අතර, දරුවන් තමන්ගේ ශරීරය ආරක්ෂා කරගත යුතු විදිය පිළිබඳ දැනුවත් විය යුතු බව ඔවුන්ගේ නිර්දේශය වී ඇත. 

එම අමාත්‍යාංශ සහ අධිකාරීන් සමඟ සාකච්ඡාවක් සිදු කරන බවත්, ඔවුන්ගේ නිර්දේශ ලබා දෙමින් සිටින බවත් අගමැතිනිය සඳහන් කළාය. 

කෙසේ වෙතත්, එම අධ්‍යාපනය කොහොමද, කවදාද, මොන වයසටද ඉදිරිපත් කරන්නේද යන්න පිළිබඳ තීරණයක් තාම ගෙන නැත. 

මෙම සියලු තීරණ වයසට සුදුසු පරිදි, තමන්ගේ ශරීරය වෙනස් වන විට ආරක්ෂා විය යුතු විදිය පිළිබඳ අධ්‍යාපනයක් ලැබිය යුතු බවට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අයගේ විශේෂඥ උපදෙසත් අනුව ගන්නා බව ඇය අවධාරණය කළාය

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *