Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

බන්ධනාගාරය පාසලක් කරනවා – අධිකරණ ඇමති

10 months ago

“බන්ධනාගාරය යනු  දඩුවම් ලබා දෙන ස්ථානයක් නොව ජීවිතයට දෙවන අවස්ථාවක් ලබා දෙන පරිවර්තනයේ පාසලක් බවට පත්  විය යුතුයි.  ජාතියට මාරාන්තික බලවේග දෙකක් බවට පත්ව ඇති මත්ද්‍රව්‍ය උවදුර සහ දුෂණය තුරන් කිරීමට වත්මන් රජය කැපවීමෙන් කටයුතු කරනවා” යයි අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

හර්ෂණ නානායක්කාර මහතා මෙම අදහස් පළ කළේ බන්ධනාගාර දෙපාර්තමේන්තු සේවයට එක්වු 104 – B ආධුනික පුහුණු ඛණ්ඩයේ බන්ධනාගාර හා නිලධාරීනියන් 177 දෙනෙකු විසිර යාමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් අගුණකොගපැලැස්ස බන්ධනාගාරයේදී සහභාගි වෙමිනි. 

මෙහිදී වැඩිදුරටත් අදහස් පළ කළ අධිකරණ අමාත්‍යතුමා මෙසේ සදහන් කළේය.

“අපේ රජය යටතේ යුක්තිය අතලොස්සක් දෙනෙකුගේ වරප්‍රසාදයක් නොව සියල්ලන්ගෙම අයිතියක් වන පාලන ක්‍රමයකට අවතීර්ණ වෙමින් සිටිනවා. ජාතික ජන බලවේග රජය යනු ජනතාවගේ බලය අධිකාරිය ජනතාවටම ආපසු ලබා දෙන ආණ්ඩුවක් බව කිව යුතුයි. අපි ජනතාවගෙන් කිසිවක් පැහැර ගන්නා රජයක් නොවේ. රාජ්‍ය ආයතන සහ නීතිය සම්බන්ධව මහජන විශ්වාසය ගොඩනැගීම, දුෂණය තුරන් කිරීම සහ රාජ්‍යයේ සෑම අතින්ම අවංකභාවය, සාධාරණත්වය සහ මහජන හිතකාමී බව පිළිබිඹු වන බව සහතික කිරීමේ වගකීම අපි භාර ගෙන තිබෙනවා. සමාජමය සහ නීතිමය ව්‍යාධීන් සුවපත් කරන යුක්තිය පසිඳලන ක්‍රියාමාර්ගයක් ගොඩ නැංවීමේ කාර්යභාරයේ අධිකරණ අමාත්‍යාංශය ඉදිරියෙන් සිටිනවා. නීතිය ක්‍රියාත්මක කිරීමේදී එය විය යුතු වන්නේ දඩුවමක් ලබාදීමක් ලෙස නොව නව ආරම්භයක් ලබාදීමේ මාර්ගයක් ලෙසයි. අපේ බන්ධනාගාර පද්ධතිය යළි පිළියෙල කිරීම මේ රජයේ මුලික වගකීමක් ලෙස සලකා කටයුතු කරනවා. බන්ධනාගාර දඩුවම් ලබා දෙන ස්ථානයක් නොව ජීවිතයට දෙවන අවස්ථාවක් ලබා දෙන පරිවර්තනයේ පාසලක් බවට පරිවර්තනය විය යුතුයි. බන්ධනාගාරගත වන සිරකරුවන්ගෙන් විශාල සංඛ්‍යාවක් අවාසි සහගත සමාජ පසුබිම්වලින් පැමිණි අයයි. ඔවුන්ගෙන් අති බහුතරයන් දෙනා 5 ශ්‍රේණිය හෝ 8 ශ්‍රේණියෙන් පසුව පාසල් අධ්‍යාපනයෙන් ඉවත් වු අයයි. අපරාධවල මූලයන් වන්නේ බොහෝ විට තනි පුද්ගලයකුගේ ක්‍රියාකාරකම් නොව සමාජ අසමානතාවය දරිද්‍රතාවය සහ වෙනස්කොට සැලකීමයි. බන්ධනාගාරගත වන සෑම රැඳවියෙක්ම දක්ෂ විනයගරුක සහ මානුෂියකරණය වු පුරවැසියෙකු ලෙස ඉන් පිටව යා යුතුයි. අපේ ජාතියට මාරාන්තික බලවේග දෙකක් වන මත්ද්‍රව්‍ය සහ දුෂණය තුරන් කිරීමට වත්මන් රජය කැපවීමෙන් කටයුතු කරන බව සදහන් කළ යුතුයි. දශක ගණනාවක් පුරා බන්ධනාගාරය යන වචනය සමාජය තුළ ඇති කලේ බිය ජනක තත්වයක් බව ඔබ දන්නවා. එම ආඛ්‍යානය වෙනස් කළ යුතු අතරම බන්ධනාගාරය පුනරුත්ථාපනය විනය සහ සදාචාර සංවර්ධනය සිදු කරන ප්‍රකෘතිමත් ආයතන බවට පරිවර්තනය කළ යුතුයි. බන්ධනාගාර පද්ධතිය විනිවිද පෙනෙන වගවිය යුතු පද්ධතියක් බවට පත් කිරීම අපේ රජයේ අරමුණයි. බන්ධනාගාරය යනු බලාපොරොත්තු සුන් කරවන වධකාගාරයක් නොව ජීවිතය පිළිබද අපේක්ෂා දල්වන වැඩපොලක් බවට පරිවර්තනය කිරීමට පියවර ගන්නවා. 

අධික තදබදය අඩුකරන, දඩුවම වෙනුවට පුනරුත්ථාපනය හා අධ්‍යාපනය, නිදහස් කිරීමෙන් පසු නැවත සමාජය හා ඒකාත්මක විය හැකි නීති රාමුවක් හා වටපිටාවක්  සකස් කිරීම, දඩුවම් ලබමින් සිටියදී රැඳවියන්ට පිළිගත් සහතික ලබා ගත හැකි වෘත්තිය පුහුණුව බන්ධනාගාර පද්ධතියට හදුන්වාදීම, රැඳවියන් තුළ පවත්නා මානසික සහ ශාරීරික කම්පනවලට පිළියමක් ලෙස මනෝ සෞඛ්‍ය ඇබ්බැහිවිම්වලින් සිදු වු හානිය ඉවත් කර සුවපත් කිරීම හා උපදේශන සේවා ශක්තිමත් කිරීම, දුෂණය සහ මත්ද්‍රව්‍ය බන්ධනාගාර පද්ධතියෙන් ඉවත් කිරීමට යෝජිත බන්ධනාගාර ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ යටතේ සිදු කරනවා. බන්ධනාගාර නිලධාරීන් වන ඔබගේ නිල ඇඳුම සහ අදාළ ආම්පන්න තුළින් සංකේතවත් වන්නේ අන් අය කෙරෙහි බලපෑමක් නොව වගකීමක් යන්නයි. “

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *