ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුවූ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගස් කඩා වැටීම්, මහා මාර්ග අවහිරවීම් ඇතුළු බොහෝ හානි සිදුවීම් වාර්තා විය. මෙම මහා මාර්ග, ගස් අතු, සහ වෙනත් බාධක ඉවත් කරමින් හා ශුද්ධ පවිත්‍ර කරමින් ජන ජීවිතය යථා තත්ත්වයට ගැනීමට සහාය ලබාදෙන අපගේ වටිනා ශ්‍රම බලකාය වෙත SLT-MOBITEL විසින් විශේෂ ඉල්ලීමක සිදු කරයි.
ඔබට දක්නට ලැබෙනා බිම වැටී තිබෙන SLT-MOBITEL Fibre සහ Copper කේබල් ඉවත් කිරීම හෝ කපා දැමීම සිදු නොකරන ලෙසට SLT-MOBITEL ආයතනය ජනතාවගෙන් ඉල්ලා සිටී. මෙම කේබල් බිම වැටී තිබුණද ක්‍රියාත්මක වන බවත්, ඒවා ඉවත් කිරීම හෝ කපා දැමීම හේතුවෙන් නගර ගණනාවකට සන්නිවේදන අපහසුතාවයන්ට මුහුණ දීමට සිදුවූ සිදුවීම් කිහිපයක්ම මේ වන විටත් වාර්තා වී ඇති බවත් SLT-MOBITEL ප්‍රකාශ කරයි. ඒ අනුව, SLT-MOBITEL Fibre සහ Copper කේබල් වලට හානි සිදුවීමට ඉඩ නොදී, මෙම අර්බුදකාරී අවස්ථාවේ දී සන්නිවේදනය මැනවින් පවත්වාගෙන යෑමේ කාර්යභාරය සඳහා ඔබේ වටිනා සහයෝගය ද ලබාදෙන ලෙසින් SLT-MOBITEL සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටී.
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක ලෙස SLT-MOBITEL, මෙම ආපදා අවස්ථාවේදී නිරන්තරයෙන්ම අපගේ ශ්‍රී ලාංකික ජනතාව සමඟ සිටින අතර, ඔවුන්ට උපරිමයෙන් සහාය ලබාදීම ඔවුන්ගේ අභිප්‍රායි. එය සාක්ෂාත් කර ගැනීම සඳහා උපරිම සහාය ලබාදෙන ලෙසට ආයතනය විසින් මහජනතාවගෙන් සහ ස්වේච්ඡා කණ්ඩායම් වලින් ඉල්ලා සිටී.


වෙලේ සුදාගේ අභියාචනා පෙත්සමට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීරණය
රජය දැවැන්ත ව්‍යාපෘතියකට අත ගසයි
නව යුද හමුදා මාණ්ඩලික ප්රධානිවරයා රාජකාරී අරඹයි
මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්
මෙනින්ජයිටීස් බවට සැක සහිත රෝගීන් 237 ක්
ඉන්ධන මිල ගැන සමන්ත විද්‍යාරත්නගෙන් ප්‍රකාශයක්
හෙට සිට කාලගුණයේ වෙනසක්
මීගොඩ දන්සලේ 6කට මරු කැඳවූ කැබ් රථ රියදුරුට අධිකරණයෙන් දුන් නියෝගය
බහාලුම් ප්‍රවාහන ගාස්තු සියයට පහකින් ඉහළට
රුපියල බාල්දු වෙයි! ඩොලරය තවදුරටත් ඉහළ නගී!
අස්වැසුම අහෝසි කිරීමට රජයට යෝජනාවක්
ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය කොදෙව් එක්දින සංචිතය නම් කෙරේ