සංචාරක පාකිස්තාන කණ්ඩායම සමඟ පැවැති තීරණාත්මක අවසන් විස්සයි20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 14ක තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (11) සමත් විය. මෙම ජයග්‍රහණයත් සමඟ දෙරට අතර පැවැති තරග 3කින් යුත් තරගාවලිය 1-1ක් ලෙස ජයපරාජයෙන් තොරව අවසන් කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකි විය.
දඹුල්ලේ පැවැති මෙම තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් තරගය ආරම්භ වූයේ රාත්‍රී 9.20ටය. ඒ අනුව එක් ඉනිමක් පන්දුවාර 12කට සීමා කරමින් තරගය පැවැත්විණි. තරගාවලි පරාජයෙන් බේරීමට මෙම තරගයේ ජය ශ්‍රී ලංකාවට අතිශය තීරණාත්මක විය.
පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිතිකරුවෝ ආරම්භයේ සිටම වේගවත් ලකුණු රැස්කිරීමක නිරත වූහ. ඒ අනුව පන්දුවාර 12 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 160ක් රැස්කිරීමට ඔවුන් සමත් විය.
ලකුණු 161ක ඉලක්කයක් හඹාගිය පාකිස්තාන කණ්ඩායමට නියමිත පන්දුවාර 12 තුළදී කඩුලු 8ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 146ක් පමණි. පාකිස්තාන ඉනිමට ප්‍රවේගකාරී ආරම්භයක් ලබාදුන් නායක සල්මාන් අගා පන්දු 12කින් ලකුණු 45ක් රැස්කළද, ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ ඉලක්කය කරා යාමට ඔවුන්ට නොහැකි විය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ වනිඳු හසරංග පන්දුවාර 3කදී ලකුණු 35කට කඩුලු 4ක් දවාගනිමින් පාකිස්තාන ඉනිම මෙල්ල කිරීමට සමත් විය.

එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක බෙන් ඩකට්ට පැනවූ තහනම
මැදපෙරදිග යුද්ධයෙන් යළි ගුවන් ගමන්වලට බාධාවක්
කුකුළු මස් හා බිත්තර මිල ඉහළට
රටවල් කිහිපයක LNG සැපයුම අඩාලකළ කටාර් රාජ්‍යයේ නිවේදනය
බොරතෙල් මිල වේගයෙන් පහතට
වැඩිහිටි දීමනාව පිළිබඳව දැනුම්දීමක්
පොලී අනුපාත පිළිබඳව මහ බැංකුව ගත් තීරණය
විපක්ෂයේ පක්ෂ එකට එක්වෙයි! ජාත්‍යන්තර සංවිධාන රැසකට ලිපි යවයි!
බලශක්ති ඇමති ජනතාවගේ සහාය පතයි
යුද්ධය අවසන් කිරීම ගැන අමෙරිකාවෙන් ඉරානයට කරුණු 15ක යෝජනාවලියක්
ඉරානයේ න්‍යෂ්ටික බලාගාරයකට ප්‍රහාරයක්
ජනපති අනුර හා මෝදි අතර තීරණාත්මක දුරකථන සංවාදයක්