මෙරටට අත්‍යවශ්‍ය කාණ්ඩයේ ඇති ඖෂධ වර්ග 383 අතරින් මේ වනවිට ඖෂධ 160ක පමණ හිඟයක් පවතින බ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය ඩී.ආර්.කේ. හේරත් මහතා පවසයි.
හදවත් රෝගීන් සඳහා ලබාදෙන ඖෂධ වර්ග ද ඒ අතර වෙයි.
විශේෂඥ වෛද්‍ය ඩී.ආර්.කේ. හේරත් මහතා,
“ඖෂධ 383ක් එක්ක තමයි අපි මේ දවස්වල වැඩ කරන්නේ. මේ ඖෂධ 383න් අද වෙනකොට ඖෂධ 160ක විතර අඩුවක් තිබෙනවා. මේ වෙලාවේ මෙම ඖෂධ අපිට තිබුණොත් හොඳයි.”
“හෘදයවස්තුවේ අමාරුවට දිවයට තියාගන්න පෙත්තක් තිබෙනවා. මේක තව සති 2ක් වගේ ඇතුළත යම් කොටසක් හරි ගේන්න ඕනේ.”
“තවත් ඖෂධයක් තිබෙනවා හෘදයාබාධවලට දෙන බෙහෙතක්. මේකත් ඉස්සරහට නැතිවීගෙන යන අවදානමක් අපි දකිනවා.”
“තව එන්නතකුත් තිබෙනවා. මෙන්න මේ ඖෂධ 3 ඉතාම කඩිනමින් අපි ගෙන්වාගන්න ඕනේ.”

වෛද්‍ය විද්‍යාවේ නව පෙරළියක්! පිළිකා රෝගීන්ට සුබ ආරංචියක්!
දෙවුන්දර දේවාලයේ වැඩබලන බස්නායක නිලමේ ධුරය සම්පත් කිරිගේට
රටම කැළඹූ අනුරාධපුර පූජාභූමි සංවර්ධන වැඩසටහන ගැන වැඩබලන අටමස්ථානාධිපති හිමි කළ ඉල්ලීම
බියකින් හෝ අවිශ්වාසයකින් තොරව ලංකාවේ ආයෝජනය කරන්න! අශෝක රන්වල ජපන් බසින් විදේශ ආයෝජකයන්ට කළ ඇරයුම!
ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි
රාජ්‍ය සේවක වැටුප් සඳහා වසරකට රුපියල් බිලියන 900ක්
නකල්ස් ප්‍රදේශයෙන් හමුවූ 15 හැවිරිදි දැරිය සහ බිළිදා ගැන කාන්තා කටයුතු අමාත්‍යවරියගෙන් ප්‍රකාශයක්
පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීම පහත වැටෙයි
ලංකාවේ සෑම පස්දෙනෙකුගෙන් එක් අයෙකුටම පවතින රෝගයක් ගැන අනාවරණයක්
අද දවසේ කාලගුණයේ සිදුවන වෙනස
සෞඛ්‍ය අමාත්‍යාංශයේ 223 දෙනෙකුට නව පත්වීම්! වෛද්‍යවරුන් 1,600ක් මේ මාසය අවසන් වීමට පෙර බඳවා ගැනේ!
රයිස් සහ කොත්තු සහ කෙටි කෑමවල මිල ඉහළට