2025 වර්ෂයට අදාළ අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හෙට (17) දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 3,545කදී ආරම්භ වීමට නියමිතය.
මෙවර විභාගය සඳහා අපේක්ෂකයින් 451,463ක් පෙනී සිටින බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
විභාගයට පෙනී සිටින සිසුන් හෙට දිනයේ පීඩනයකින් තොරව සැහැල්ලු මනසකින් පසුවීම ඉතා වැදගත් බව රාගම වෛද්‍ය පීඨයේ මහාචාර්ය විශේෂඥ මනෝ වෛද්‍ය මියුරු චන්ද්‍රදාස මහතා අවධාරණය කරයි.
විශේෂයෙන්ම රාත්‍රියේ නිදි වර්ජිතව පාඩම් කිරීමෙන් වැළකී සිටිය යුතු බවත්, ආගමික වතාවත්වල නිරත වෙමින් සිත සන්සුන් කර ගැනීම සුදුසු බවත් වෛද්‍යවරයා පෙන්වා දෙයි.
මේ වන තෙක් අධ්‍යයනය කර නොමැති අලුත් විෂය කරුණු කියවීමට උත්සාහ නොකර, දැනටමත් ඉගෙන ගෙන ඇති කරුණු පමණක් නැවත ආවර්ජනය කිරීම ප්‍රමාණවත් බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. හෙට දිනට අවශ්‍ය පෑන්, පැන්සල් ඇතුළු උපකරණ කලින්ම සූදානම් කරගෙන මානසික නිරවුල්භාවය පවත්වා ගැනීම මෙහිදී අතිශය වැදගත් වේ.
විභාග ශාලාව තුළදී ප්‍රශ්න පත්‍රය ලැබුණු පසු මුල් විනාඩි 5ක කාලය ඉතා තීරණාත්මක බව පෙන්වා දෙන වෛද්‍යවරයා, එම කාලය තුළ මානසික පීඩනය ඉහළ යා හැකි බැවින් වහාම පිළිතුරු ලිවීමට උත්සාහ නොකරන ලෙස සිසුන්ට දන්වා සිටී.
ඒ වෙනුවට මුළු ප්‍රශ්න පත්‍රයම හොඳින් කියවා තමන්ට වඩාත්ම පහසු ප්‍රශ්නය තෝරාගෙන පිළිතුරු ලිවීම ආරම්භ කිරීමෙන් සෘණාත්මක පීඩනය අවම කර ධනාත්මක ප්‍රවේශයක් ලබා ගත හැකි බව මහාචාර්ය මියුරු චන්ද්‍රදාස මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

බලශක්ති ඇමති කුමාර ජයකොඩි ඉල්ලා අස්වෙයි
චමරි අතපත්තු ක්‍රිකට් වලින් සමුගන්නවාද?
ඉන්දීය උප ජනපති දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට
ඇප ඉල්ලූ කපිල චන්ද්‍රසේනට අධිකරණයෙන් දුන් නියෝගය
ගල්අඟුරු මිලදී ගැනීම් විමර්ශනය කිරීම සඳහා පූර්ණ බලැති ජනාධිපති කොමිසමක්
දැදුරු ඔයේ ගිලීමෙන් මියගිය පුද්ගලයින් ගණන 6 දක්වා ඉහළට
දික්ඕවිටට රැගෙන ආ බහුධින ධීවර යාත්‍රාවේ රු.කෝටි 400කට අධික හෙරොයින්
වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ආරක්ෂාව දෙන්න – සීලරතන හිමි
1 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම ගැන අමාත්‍යාංශයෙන් නිවේදනයක්
අද අව් වැසි තත්ත්වය
බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතය නම් කෙරේ
බොරතෙල් බැරලයකට වැඩිම මිල අ.ඩො 286ක් ගෙවා ශ්‍රී ලංකාව තෙල් අරන්? ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දැනුම්දීමක්