දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා විවෘත පදනම මත බඳවා ගැනීමට අදාළව නිකුත් කර තිබූ ගැසට් නිවේදනය සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.
ඒ අනුව, අයදුම්කරුවන් සිය උපාධි සුදුසුකම් සම්පූර්ණ කළ යුතු අවසාන දිනය ලෙස මින් පෙර සඳහන් කර තිබූ දිනය වෙනුවට 2026 මාර්තු 05 වන දිනය දක්වා දීර්ඝ කරමින් සංශෝධනය කිරීමට ඊයේ (16) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිව ඇත.
අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ 2026 පෙබරවාරි 02 වැනි දින නිකුත් කරන ලද අංක 2474/19 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කළ නිවේදනයේ 5.1 වගන්තියට අනුව මෙම වෙනස්කම් සිදුකරන බවයි.
මෙම තීරණය හේතුවෙන් මෑතකදී සිය උපාධි ප්‍රතිඵල ලැබූ තරුණ උපාධිධාරීන් විශාල පිරිසකට මෙවර ගුරු බඳවා ගැනීම් සඳහා අයදුම් කිරීමට අවස්ථාව උදාවනු ඇත.

දියේ ගිලෙන දරුවන් දෙදෙනා බේරගන්න වැවට පැන්න පියාට දිවි අහිමි වෙයි
ෂී ජින්පින් ‘ඉතා සතුටින්’
බ්ලූම්බර්ග් දර්ශකයේ පෙරළියක්! ආසියාවේ ධනවත්ම කිරුළ ගෞතම් අදානිට!
දින 06කදී 26ක් දිය රකුසාට බිලි වෙයි
මත්ද්‍රව්‍ය සමග හසුවූ “දෙනුවන් පුතා” බහුදින යාත්‍රාවේ හිමිකරු අත්අඩංගුවට
අනිද්දා සිට කාලගුණයේ වෙනසක්
කුමාර ජයකොඩිගේ ඉල්ලා අස්වීම ගැන නාමල්ගෙන් නිවේදනයක්
අපරාධ රැසකට සම්බන්ධ කරන්දෙණියේ රාජු දිවයිනට රැගෙන එයි
රුසියානු තෙල් මිලදී ගැනීමට දුන් කාලය දීර්ඝ කරයි
ගල්අඟුරු ගෙන්වූ සමාගමෙන් රු. කෝටි 915ක් රඳවාගෙන
අවුරුදු 2යි මාස 2යි සති 2කට පසු ඩොලරයේ ඉහළම මිල අද වාර්තා වෙයි
රාගමදී කාන්තාවකගේ හිසකෙස් කැපූ පිරිස දැලේ! ප්‍රධාන සැකකාරිය ඇතුළු 5ක් අත්අඩංගුවට!