Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ගුරු පුරප්පාඩු සඳහා අයදුම්පත් කැඳවූ ගැසට් පත්‍රය සංශෝධනය කරයි

3 weeks ago

දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා විවෘත පදනම මත බඳවා ගැනීමට අදාළව නිකුත් කර තිබූ ගැසට් නිවේදනය සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.

ඒ අනුව, අයදුම්කරුවන් සිය උපාධි සුදුසුකම් සම්පූර්ණ කළ යුතු අවසාන දිනය ලෙස මින් පෙර සඳහන් කර තිබූ දිනය වෙනුවට 2026 මාර්තු 05 වන දිනය දක්වා දීර්ඝ කරමින් සංශෝධනය කිරීමට ඊයේ (16) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිව ඇත.

අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ 2026 පෙබරවාරි 02 වැනි දින නිකුත් කරන ලද අංක 2474/19 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කළ නිවේදනයේ 5.1 වගන්තියට අනුව මෙම වෙනස්කම් සිදුකරන බවයි.

මෙම තීරණය හේතුවෙන් මෑතකදී සිය උපාධි ප්‍රතිඵල ලැබූ තරුණ උපාධිධාරීන් විශාල පිරිසකට මෙවර ගුරු බඳවා ගැනීම් සඳහා අයදුම් කිරීමට අවස්ථාව උදාවනු ඇත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *