නවසීලන්ත කණ්ඩායම ලකුණු 96කින් පරාජය කර මෙවර විස්සයි20 ලෝක ශූරයන් ලෙසින් කිරුළු පැලදීමට ඉන්දියාව අද (8) සමත් විය.
අහ්මදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ ඉන්දියාවෙන් හිමිවූ ලකුණු 256ක අතිදැවැන්ත ඉලක්කයට පිළිතුරු ලෙස නවසීලන්තයට පන්දුවාර 19කදී සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 159ක් පමණි.
එහිදී, ටිම් සයිෆර්ට් ලකුණු 52ක්ද, නායක මිචෙල් සැන්ට්නර් ලකුණු 43ක්ද රැස් කළා.
පන්දු යැවීමේදී ඉන්දියාව වෙනුවෙන්, ජස්ප්‍රිත් බුම්රා කඩුළු 04ක්ද, අක්ෂර් පටෙල් කඩුළු 03ක්ද, හාර්ඩික් පාණ්ඩ්‍යා, අභිෂේක් ෂර්මා, වරුන් චක්‍රවර්ති එක් කඩුල්ල බැගින්ද දවාගත්තා.
ඉන්දියාව විස්සයි20 ලෝක ශූරයන් බවට අඛණ්ඩව පත්වූ දෙවන අවස්ථාව මෙය වන අතර, මේ දක්වා ඔවුන් තෙවරක් ලෝක ශූරයන් බවට පත්ව තිබේ.

දේශීය අල කිලෝවකට හෙට සිට සහතික මිලක්
ටිල්වින් සිල්වා පහර කෑමකට ලක්ව රෝහල්ගතව ප්‍රතිකාර ලබන කතාවේ ඇත්ත නැත්ත මෙන්න
රතුගල නව ආදිවාසී නායකයා ලෙස නිශාන්ත කුමාර පත් කරයි
කඩුවෙල ඇතුළු ප්‍රදේශ රැසකට හදිසි ජල කප්පාදුවක්
අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි රිමාන්ඩ් කිරීමට නියෝගයක්
අල්ලස් සිද්ධියකට අත්අඩංගුවට ගත් කුරුණෑගල නියෝජ්‍ය පුරපතිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි
කපිලගේ මරණය පිළිබඳ විමර්ශන CCDය යටතට
මහ බැංකු සතු විදෙස් සංචිතයේ පහත වැටීමක්
හිටපු ජනපති මහින්දට අල්ලස් කොමිසමෙන් කැඳවීමක්
විදුලි බිල යළිත් ඉහළට
කපිල චන්ද්‍රසේනගේ මරණ පරීක්ෂණය අද පෙරවරුවේ