Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

laugh gas - ලාෆ් ගෑස්

ලාෆ්ස් ගෑස් පාරිභෝගිකයන්ට දැනුම්දීමක්

1 week ago

උත්සව සමයේදී හිඟයකින් තොරව ලාෆ්ස් ගෑස් පාරිභෝගිකයින් වෙත ලබා දීමේ කටයුතු අද (08) සිට ආරම්භ කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිවේදනය කරයි.

ලාෆ්ස් ගෑස් මෙට්‍රික් ටොන් 7,000ක් රැගත් නෞකාවක් පසුගිය 6 වැනිදා හම්බන්තොට වරායට පැමිණි අතර, එම තොග පාරිභෝගිකයින් වෙත මුදා හැරීම අද දිනයේ සිට සිදු කිරීමට සමාගම එකඟ වී තිබේ.

වෙළෙඳ අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි, අදාළ නීතිමය පටිපාටිය සහ පාරිභෝගික අවශ්‍යතාව පිළිබඳව සමාගම දැනුවත් කිරීමට ද පියවර ගෙන ඇත.

මේ අතර, සිංහල සහ දමිළ අලුත් අවුරුදු සමයට සමගාමීව වෙළෙඳපොළේ සිදුවන අක්‍රමිකතා මැඩලීම සඳහා විශේෂ වැටලීම් සහ විමර්ශන වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.

භාණ්ඩ හිඟයක් ඇති කිරීම හෝ වැඩි මිලට අලෙවි කිරීම වැනි ක්‍රියාවල නිරත වන වෙළෙඳුන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *