උත්සව සමයේදී හිඟයකින් තොරව ලාෆ්ස් ගෑස් පාරිභෝගිකයින් වෙත ලබා දීමේ කටයුතු අද (08) සිට ආරම්භ කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිවේදනය කරයි.
ලාෆ්ස් ගෑස් මෙට්‍රික් ටොන් 7,000ක් රැගත් නෞකාවක් පසුගිය 6 වැනිදා හම්බන්තොට වරායට පැමිණි අතර, එම තොග පාරිභෝගිකයින් වෙත මුදා හැරීම අද දිනයේ සිට සිදු කිරීමට සමාගම එකඟ වී තිබේ.
වෙළෙඳ අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි, අදාළ නීතිමය පටිපාටිය සහ පාරිභෝගික අවශ්‍යතාව පිළිබඳව සමාගම දැනුවත් කිරීමට ද පියවර ගෙන ඇත.
මේ අතර, සිංහල සහ දමිළ අලුත් අවුරුදු සමයට සමගාමීව වෙළෙඳපොළේ සිදුවන අක්‍රමිකතා මැඩලීම සඳහා විශේෂ වැටලීම් සහ විමර්ශන වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අධ්යක්ෂ අසේල බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.
භාණ්ඩ හිඟයක් ඇති කිරීම හෝ වැඩි මිලට අලෙවි කිරීම වැනි ක්‍රියාවල නිරත වන වෙළෙඳුන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

දැදුරු ඔයේ ගිලීමෙන් මියගිය පුද්ගලයින් ගණන 6 දක්වා ඉහළට
දික්ඕවිටට රැගෙන ආ බහුධින ධීවර යාත්‍රාවේ රු.කෝටි 400කට අධික හෙරොයින්
වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ආරක්ෂාව දෙන්න – සීලරතන හිමි
1 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම ගැන අමාත්‍යාංශයෙන් නිවේදනයක්
අද අව් වැසි තත්ත්වය
බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතය නම් කෙරේ
බොරතෙල් බැරලයකට වැඩිම මිල අ.ඩො 286ක් ගෙවා ශ්‍රී ලංකාව තෙල් අරන්? ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දැනුම්දීමක්
කොළඹ කොටස් වෙළෙඳපොළ ඉහළට
දැදුරු ඔයේ දියනෑමට ගිය දෙදෙනෙක් මරුට! 6ක් අතුරුදන්!
චන්දන කත්‍රිආරච්චිව අත්අඩංගුවට ගැනීම ගැන පොලීසියෙන් නිවේදනයක්! අත්අඩංගුවට ගැනීමේදී පාක්ෂිකයන්ගෙන් දැඩි විරෝධයක්! (වීඩියෝ)
හෙට ID ඔෆිස් වැසේ
දින 6ක් තුළ ජීවිත 42ක් බිලිගත් මාරයා