Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

‘නෙළුම් කුළුණ’ චිත්‍රපටියේ හොර පිටපත් ගැන අනතුරු ඇඟවීමක්

2 hours ago

දැනට තිරගත වෙමින් පවතින නෙළුම් කුළුණ චිත්‍රපටයේ අනවසර පිටපත් නීති විරෝධී ලෙස අන්තර්ජාලය ඔස්සේ බෙදා හැරීම සහ බාගත කිරීම සම්බන්ධයෙන් එම චිත්‍රපටයේ නිෂ්පාදිකා හිරන්‍යා පෙරේරා ඉලංගෝ මහත්මිය විසින් මහජනතාව වෙත විශේෂ දැනුම් දීමක් සිදු කර තිබෙනවා.

සමාජ මාධ්‍ය සටහනක් තබමින් ඇය අවධාරණය කරන්නේ මෙම ක්‍රියාව බරපතළ අපරාධයක් වන අතර, ඒ සම්බන්ධයෙන් දැනටමත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නිල පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවයි.

චිත්‍රපටයට අදාළව සිදුවන සියලුම කොල්ලකෑම් පිළිබඳව බලධාරීන් මේ වන විට සක්‍රීයව විමර්ශන පවත්වමින් සිටින බව එම සටහනෙහි  සඳහන් වනවා.

විශේෂයෙන්ම, නිසි අවසරයකින් තොරව චිත්‍රපටය බෙදා හැරීම, බාගත කිරීම, නැරඹීම හෝ පිටපත් ළඟ තබා ගැනීම බුද්ධිමය දේපළ පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බව ඇය එහිදී සඳහන් කළා.

මෙම නීති විරෝධී ක්‍රියාවල නිරත වන පුද්ගලයන්ට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමට නිෂ්පාදන කණ්ඩායම තීරණය කර ඇති අතර ඒ අනුව වරදකරුවන්ට එරෙහිව නඩු පවරා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු සූදානම් කර ඇති බව හිරන්‍යා පෙරේරා ඉලංගෝ මහත්මිය පවසනවා.

එමෙන්ම නීතිමය පියවරයන්ට හසුවීමෙන් වැළකීම සඳහා, යම් හෙයකින් ඔබ සතුව එවැනි අනවසර පිටපත් පවතී නම් ඒවා වහාම මකා දමන ලෙසත්, එවැනි දෑ තවදුරටත් බෙදා හැරීමෙන් වළකින ලෙසත් නිෂ්පාදිකාව මහජනතාවගෙන් ඉල්ලා තිබෙනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *