මැදපෙරදිග කලාපයේ පැවති යුදමය නොසන්සුන්තාවයෙන් පසුව ශ්‍රී ලංකාවට බොරතෙල් රැගෙන ආ පළමු නෞකාව වන ඉන්දියානු නැව් සංස්ථාවට අයත් ‘දේශ් මහීමා’ (Desh Mahima) නෞකාව ඊයේ (17) සාර්ථකව කොළඹ වරායට ළඟා විය.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි මෙම නෞකාව බොරතෙල් මෙට්‍රික් ටොන් 97,500ක ප්‍රමාණයක් රැගෙන ආ අතර, එම තොගය මේ වන විට සපුගස්කන්ද පිරිපහදු මධ්‍යස්ථානය වෙත සම්ප්‍රේෂණය කිරීම ආරම්භ කර තිබේ.
මේ අතර ඇමෙරිකාවේ සිට (WTI) බොරතෙල් රැගෙන එන තවත් නෞකාවක් පෙරේදා (16) දිනයේදී ශ්‍රී ලංකාව බලා සිය ගමන ආරම්භ කර ඇති බව බලධාරීන් තහවුරු කරයි.
රුසියානු තෙල් අලෙවිය සඳහා අමෙරිකානු රජය විසින් තවත් මාසයක (මැයි 16 දක්වා) සහන කාලයක් ලබා දීමත් සමඟ, සහන මිලට රුසියාවෙන් ඉන්ධන සහ ගල් අඟුරු මිලදී ගැනීමට ශ්‍රී ලංකාවට රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් අවස්ථාව උදාවී තිබේ. රුසියානු රජය දැනටමත් ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාවේ බලශක්ති අවශ්‍යතා සපුරාලීමට ඕනෑම අවස්ථාවක සහනදායී කොන්දේසි යටතේ ඉන්ධන සැපයීමට තමන් සූදානම් බවයි.

ඉන්දීය උප ජනපති සහ ජනපති අනුර කුමාර දිසානායක අතර හමුවක්
අවුරුදු උත්සවයක ගැටුමක්! හතක් රෝහලට!
කුමාර ජයකොඩිගේ ඉල්ලා අස්වීම ගැන ඒකාබද්ධ විපක්ෂයෙන් නිවේදනයක්
සුමාත්‍රා දූපත් ආසන්නයේ ප්‍රබල භූකම්පනයක්
මහරගම නිවසක ගින්නක්! මවක් සහ දියණියක් ජීවිතක්ෂයට!
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
චූන් පාන් රථයක ගැටීමෙන් සිඟිත්තියකට දිවි අහිමි වෙයි
පාපන්දු ලෝලීන්ට නරක ආරංචියක්? ලෝක කුසලානය විකාශනය කිරීමට රූපවාහිනී නාලිකා අතර මැළිකමක්?
බස් රථවල ගමන් ගන්නා මගීන්ට දැනුම්දීමක්
ඉන්දීය උප ජනපති දිවයිනට (ඡායාරූප)
දියේ ගිලීමෙන් සිදු වූ මරණ ගණන තවදුරටත් ඉහළට
හෙට සිට කාලගුණයේ දැනෙන වෙනසක්