Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඉන්දීය උප ජනපති සහ ජනපති අනුර කුමාර දිසානායක අතර හමුවක්

5 hours ago

ඉන්දීය උප ජනාධිපති සී. පී. රාධාක්‍රිෂ්ණන් සහ ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවක් සිදුව තිබෙනවා.

ඒ කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.

පොදු ඉතිහාසය, ශක්තිමත් ශිෂ්ටාචාරමය සබඳතා සහ දෙරටේ ජනතාව අතර පවතින සබඳතා මත පදනම් වූ ඉන්දු – ශ්‍රී ලංකා බහුවිධ සබඳතා තවදුරටත් ගැඹුරු කිරීම පිළිබඳව නායකයින් දෙපළ මෙහිදී ඵලදායී සාකච්ඡාවල නිරත වී තිබෙනවා.

‘දිට්වා’ සුළි කුණාටුවෙන් පීඩාවට පත් වූ ප්‍රදේශ සඳහා ලබා දුන් අමෙරිකානු ඩොලර් මිලියන 450 ක සහන පැකේජය යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘති සහ ඉන්දීය නිවාස ව්‍යාපෘතිය පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති බව සඳහන්.

ඉන්දීය උප ජනාධිපති ශ්‍රී සී.පී. රාධක්‍රිෂ්ණන් මහතා ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක් ආරම්භ කරමින් අද (19) පෙරවරුවේ දිවයිනට ළඟා විය. 

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *