මෙරට සම්ප්‍රදායික චන්ද්‍ර දින දර්ශනයට අනුව යෙදෙන අධි මාස තත්ත්වය සැලකිල්ලට ගනිමින්, මෙවර වෙසක් පුර පසලොස්වක පොහොය දිනය මැයි මස 30 වැනිදා සැමරීමට රජය තීරණය කර තිබේ.
කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ (22) පැවති මාධ්‍ය හමුවේදී මේ පිළිබඳව නිල වශයෙන් දැනුම් දෙනු ලැබීය.
සාමාන්‍ය දින දර්ශනයට අනුව වෙසක් පොහොය මැයි මස 01 වැනිදාට යෙදී තිබුණද, අතිගෞරවනීය මහානායක ස්වාමීන් වහන්සේලා කළ ඉල්ලීමක් පරිදි මෙම සංශෝධනය සිදු කර ඇත.
වසර කිහිපයකට වරක් උදාවන අධි මාස තත්ත්වය (අධි වෙසක්) මෙවරත් බලපා ඇති බැවින්, ශාසනික සම්ප්‍රදායන්ට අනුකූලව වෙසක් උත්සවය මැයි මස අගට යොමු කළ බව අමාත්‍යවරයා පැහැදිලි කළේය.
නව සංශෝධනයට අනුව මෙවර වෙසක් සතිය මැයි මස 27 වැනිදා සිට ජුනි මස 02 වැනිදා දක්වා ක්‍රියාත්මක වේ.

13 හැවිරිදි පිරිමි දරුවෙක් අතුරුදහන්! සොයා ගැනීමට මහජන සහය පතයි!
වාහන හිමිකරුගේ නම යෙදූ අංක තහඩු දෙන්න සැරසෙයි
සීනි, පරිප්පු, අල, ලූනු ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය කිහිපයක මිල පරාසයන් නිකුත් කරයි
රාජ්‍ය සේවකයින්ගේ භාෂා දැනුම ගැන පසු විපරම් සිදු කිරීමට යෝජනාවක්
නියෝජ්‍ය අධ්‍යාපන ඇමතිගේ කැබ් රථය අනතුරට ලක් වෙයි
නුවන් තුෂාර සිය පැමිණිල්ල ඉවත් කර ගනී
පොලිස් නිලධාරියෙකු ඝාතනය කළ අයෙකුට මරණ දඬුවම නියම කෙරේ
ඉදිරියේදී විදුලි කප්පාදුවක් සිදු වෙනවාද? රජයෙන් පැහැදිලි කිරීමක්
හිරු නාලිකාවට විරුද්ධව තෙල් සංස්ථාවේ සභාපතිගෙන් පැමිණිල්ලක්
නාමල්ට එරෙහි ක්‍රිෂ් නඩුව කැඳවීමට දින දෙයි
පාස්කු ප්‍රහාරයේ විමර්ශන ගැන ඇසෙන අලුත්ම පුවත
හැකර්වරුන් මෙරට භාණ්ඩාගාරයෙන් සොරාගත් මුදල ගැන මුදල් අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්