Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මැගසින් බන්ධනාගාරයේ කලබලයක්! රැඳවියෙකු මරුට! ජේලර්වරයෙකු සහ පාලිකාවක් අත්අඩංගුවට!

13 minutes ago

කොළඹ මැගසින් බන්ධනාගාරයේ ඊයේ (27) පෙරවරුවේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයක් හමුවේ රැඳවියෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් ජේලර්වරයෙකු සහ බන්ධනාගාර පාලිකාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරන පරිදි, මත්ද්‍රව්‍ය චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි 38 හැවිරිදි රැඳවියන් දෙදෙනෙකු සිරමැදිරිවලින් පිටතට පැමිණ පලා යාමට උත්සාහ කර ඇත.

එය වැළැක්වීමට බන්ධනාගාර නියාමකවරයෙකු කටයුතු කිරීමේදී ඇති වූ ගැටුමකින් රැඳවියන් දෙදෙනා සහ නිලධාරියා තුවාල ලබා රෝහල් ගත කෙරිණි. එහිදී එක් රැඳවියෙකු මියගොස් තිබේ.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක මහතා සඳහන් කළේ සහකාර බන්ධනාගාර අධිකාරීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් මේ පිළිබඳ විශේෂ අභ්‍යන්තර විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි. ඊට අමතරව බොරැල්ල පොලීසිය වෙත ලැබුණු පැමිණිල්ලකට අනුව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගේ අධීක්ෂණය යටතේ තවත් පරීක්ෂණයක් ක්‍රියාත්මක වේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *