ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ බැංකු දුසිමකට වඩා ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වන සංවිධානාත්මක සයිබර් ජාවාරමක් පිළිබඳව බැංකු පද්ධතිය සිය ගනුදෙනුකරුවන් දැනුවත් කිරීමේ විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
හැකර්වරුන් විසින් බැංකුවල නිල වෙබ් අඩවිවලට අතිශය සමාන ව්‍යාජ වෙබ් අඩවි (Fake Websites) නිර්මාණය කර ඇත. අනතුරුව ඔවුන් “මුරපදය වෙනස් කරන්න” හෝ “ගිණුම අත්හිටුවා ඇත” වැනි හදිසි පණිවිඩ විද්‍යුත් තැපෑල හෝ කෙටි පණිවිඩ (SMS) හරහා ගනුදෙනුකරුවන්ට යවනු ලබයි.
ගනුදෙනුකරු එම ව්‍යාජ සබැඳිය (Link) ක්ලික් කර එහි තොරතුරු ඇතුළත් කළ සැණින්, හැකර්වරුන් එම දත්ත සැබෑ බැංකු වෙබ් අඩවියට ඇතුළත් කරයි. එවිට ගනුදෙනුකරුගේ දුරකථනයට ලැබෙන සැබෑ OTP අංකය ද ව්‍යාජ අඩවිය හරහා ලබා ගන්නා ජාවාරම්කරුවන්, නිමේෂයකින් ගිණුමට ඇතුළු වී මුදල් සොරකම් කරන බව අනාවරණය වී තිබේ.
බැංකු නිකුත් කළ විශේෂ උපදෙස්
“නිල HNB ආයතනික වෙබ් අඩවිය ලෙස පෙනී සිටිය හැකි වංචනික වෙබ් අඩවිවලට එරෙහිව කරුණාකර සුපරීක්ෂාකාරීව සිටින්න,” යනුවෙන් ශ්‍රී ලංකාවේ හැටන් නැෂනල් බැංකුව සිය ගනුදෙනුකරුවන්ට දන්වා ඇත.
“www.hnb.lk ඔබේ බ්‍රවුසරයට කෙලින්ම ටයිප් කිරීමෙන් හෝ නිල HNB යෙදුම් භාවිත කිරීමෙන් පමණක් HNB සේවාවන් වෙත ප්‍රවේශ වන්න. ඔබට කිසියම් සැක සහිත ක්‍රියාකාරකමක් හමු වුවහොත් වහාම බැංකුව අමතන්න.” යනුවෙන් ඔවුන් දැනුවත් කිරීම් සිදුකර තිබිණි.
“හිතවත් සේවාදායකය, sc.com/lk ලෙස පෙනී සිටින වංචනික වෙබ් අඩවිවලින් පරිස්සම් වන්න,” ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් ශ්‍රී ලංකා බැංකුව කෙටි පණිවිඩයකින් සිය සේවාදායකයන්ට පැවසීය.
“සැක සහිත සබැඳි මත ක්ලික් නොකරන්න හෝ ඔබේ පුද්ගලික බැංකු තොරතුරු බෙදා නොගන්න. අපගේ සේවාවන් වෙත ප්‍රවේශ වීමට සැමවිටම අපගේ නිල වෙබ් අඩවිය හෝ SC ජංගම යෙදුම භාවිත කරන්න.” යනුවෙන් ඔවුන් වැඩිදුරටත් දැනුවත් කර ඇත.
“අවදියෙන් සිටින්න! ඔබේ පරිශීලක නාමය සහ මුරපදය ඇතුළත් කිරීමට පෙර, සෑම විටම වෙබ් අඩවි ලිපිනය පරීක්ෂා කරන්න,” යනුවෙන් පෑන් ඒෂියා බැංකුව ගනුදෙනුකරුවන්ට පැවසීය.
“PABC මාර්ගගත බැංකුකරණය https://online.pabcbank.com හරහා පමණක් භාවිත කරන්න. කුඩා වෙනස්කම් සහිත ව්‍යාජ සබැඳි ගැන විමසිල්ලෙන් සිටින්න. ඔබේ OTP කිසි විටෙකත් කිසිවකු සමඟ බෙදා නොගන්න. නොදන්නා හෝ සැක සහිත යෙදුම් ස්ථාපනය නොකරන්න. උදව් සඳහා, +94114667222 අමතන්න.”
“ව්‍යාජ වෙබ් අඩවිවලින් පරිස්සම් වන්න, වංචා වෙබ් අඩවි බොහෝ විට අක්ෂර වින්‍යාසය වැරදි ලෙස ලියා ඇති හෝ සමාන වෙබ් ලිපින භාවිත කරයි. කිසියම් විස්තරයක් ඇතුළත් කිරීමට පෙර සෑම විටම දෙවරක් පරීක්ෂා කරන්න” යනුවෙන් DFCC බැංකුව පැවසීය.
වංචාවන්ට හසු නොවන්න!
හිතවත් සම්පත් විශ්ව පරිශීලකය,
වංචාකරුවන් ගෙවීම්, මුදල් ලබා ගැනීමේ සබැඳි, ප්‍රවර්ධන දීමනා, වට්ටම්, බැංකු ලාංඡන භාවිත කරන ව්‍යාජ වෙබ් අඩවි හෝ ඔබේ අක්තපත්‍ර ඉල්ලා සිටින සමාජ මාධ්‍ය පණිවිඩ වැනි ක්‍රම හරහා ඔබව සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ හැකිය.
කිසිම සබැඳියක හෝ වෙබ් අඩවියක ඔබේ සම්පත් විශ්ව පිවිසුම් තොරතුරු ඇතුළත් නොකරන්න.
“ඩිජිටල් බැංකුකරණයට පිවිසෙන්න” විකල්පය හෝ සම්පත් බැංකු ජංගම යෙදුම භාවිතයෙන් www. sampath. lk හරහා පමණක් සම්පත් විශ්ව වෙත පිවිසෙන්න.

ජනපති හමුවූ පූජ්‍ය පඤ්ඤාකර හිමි අතර හමුවක්
අර්ච්චුනාට ඇප
තිරිඟු පිටි මිල ඉහළට
ශම්මි සිල්වා ඉල්ලා අස්වීම භාරදෙයි
යළිත් විදුලි ගාස්තු සංශෝධනයක්? යෝජිත ආකාරය මෙන්න
රටම බලා සිටින හිටපු ජනපති රනිල්ගේ නඩුව අද යළි කැඳවයි
රටේම ආදරය දිනා ගත් සිරිසුමන ගොඩගේ මහතා අභාවප්‍රාප්ත වෙයි
සේවා 15ක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ගැසට් නිවේදනයක්
තැපැල් දෙපාර්තමේන්තුව ගෙවූ ඩොලර් ලක්ෂ 6කුත් අතුරුදන්
රැඳවියෙකු මියයාමේ සිද්ධියට තවත් බන්ධනාගාර නියාමකවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට
සුගීෂ්වරට අසූචි ගැසීම ‘ඒකාබද්ධ විපක්ෂය’ හෙළාදකී
මෝටර් රථ රක්ෂණ ණය කාල සීමාවේ සංශෝධනයක්