Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

වෙසක් දන්සැල් ලියාපදිංචිය සඳුඳා සිට

1 hour ago

එළැඹෙන වෙසක් පොහොය නිමිත්තෙන් දිවයින පුරා සංවිධානය කරනු ලබන දන්සැල් ලියාපදිංචි කිරීමේ කටයුතු එළැඹෙන සඳුඳා (04) සිට ආරම්භ කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පියවර ගෙන තිබේ.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා සඳහන් කළේ, දිවයින පුරා පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මට්ටමින් මෙම ලියාපදිංචි කිරීම් සිදුකෙරෙන බවයි.

දන්සැලක් පැවැත්වීමට අපේක්ෂා කරන සංවිධායකයන් තම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා හමුවී අදාළ ලියාපදිංචිය සිදුකර ගත යුතු අතර, ඒ සඳහා අවශ්‍ය වන සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් ද සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් නිකුත් කර ඇත.

මෙවර මැයි මාසය තුළ පසළොස්වක පොහෝ දින දෙකක් යෙදී ඇති අතර ඉන් ඊයේ (01) දින යෙදුණු පොහොය ‘අධි වෙසක් පොහොය’ ලෙස හැඳින්වේ. ත්‍රෛනිකායික මහ නාහිමිවරුන්ගේ උපදෙස් මත සැබෑ වෙසක් උත්සවය මැයි මස 30 වැනිදා පැවැත්වීමට රජය තීරණය කර ඇත. එහෙත් ඊයේ (01) දිනයේද දිවයින පුරා ලියාපදිංචි දන්සැල් 382ක් පවත්වා ඇති බව චමිල් මුතුකුඩ මහතා වැඩිදුරටත් අනාවරණය කළේය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *