හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කරමින් තිබූ අමෙරිකානු ප්‍රහාරක නෞකා තුනක් ඉලක්ක කර ඉරානය විසින් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ. USS Truxtun, USS Rafael Peralta සහ USS Mason යන නෞකා මෙම ප්‍රහාරයට ලක්ව ඇති අතර, ඊට ප්‍රතිචාර ලෙස අමෙරිකානු හමුදාව විසින් ඉරාන හමුදා මධ්‍යස්ථාන ඉලක්ක කර ප්‍රබල ප්‍රතිප්‍රහාර එල්ල කර ඇත.
ප්‍රහාරය තහවුරු කරමින් අමෙරිකානු ආරක්ෂක අංශ පවසන්නේ, තම නාවික බළකායේ ‘ආත්ම ආරක්ෂාව’ උදෙසා මෙම පියවර ගත් බවයි. ඉරාන මිසයිල දියත් කිරීමේ මධ්‍යස්ථාන, අණදෙන හා පාලන මධ්‍යස්ථාන සහ බුද්ධි තොරතුරු මෙහෙයුම් මධ්‍යස්ථාන ඉලක්ක කර අමෙරිකාව ප්‍රහාර එල්ල කර තිබේ. එල්ල වූ ඉරාන ප්‍රහාරවලින් අමෙරිකානු යුද නැව්වලට කිසිදු හානියක් සිදුව නොමැති බවද වාර්තා වේ.
මේ අතර, හෝමුස් සමුද්‍ර සන්ධියට ඇතුළු වූ සිය තෙල් නෞකාවකට සහ තවත් යාත්‍රාවකට ප්‍රහාරයක් එල්ල වූ බවත්, අමෙරිකාව සිවිල් ප්‍රදේශ ඉලක්ක කරමින් සටන් විරාමය උල්ලංඝනය කර ඇති බවත් ඉරානය චෝදනා කරයි.

අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම මේ වසරේදීම ඇරඹීමට ජනපතිගෙන් උපදෙස්
2027 ICC ශූරයින්ගේ කුසලාන කාන්තා තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට අහිමිවෙයි ද?
ශබ්ද විකාශන සහ ඇම්ප්ලිෆයර් භාවිතය ගැන පොලීසියෙන් දැනුම්දීමක්
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය ගත් තීරණය
නේපාලයේ ගංවතුරින් මියගිය ගණන 700 ඉක්මවා යයි
බිරිඳට දිවි අහිමි කළ පවුල් ආරවුල
22 ගැන පෙත්සම් ගොනුකිරීමේ කාලය හෙටින් අවසන්
රාජගිරිය ඇතුළු ප්‍රදේශ කිහිපයක රථ වාහන ධාවනයට සීමා
නේපාලයේ සහන කටයුතුවලට ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව සීරුවෙන්
10,000කට අලුතින් පොලිසියේ රැකියා
පස්වරු 2න් පසු වැසි වැටෙන ප්‍රදේශ
ගවේෂණ ළිං 4න් 2ක් සාර්ථකයි! මන්නාරමෙන් හමුවූ ගෑස් ගැන අලුත්ම අනාවරණයක් !