ශ්‍රීලන්කන් හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ මරණය සම්බන්ධයෙන් මේ මොහොතේ නිශ්චිත ප්‍රකාශයක් සිදු කළ නොහැකි බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.
පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් ස්ථිර ප්‍රකාශයක් කළ හැකි බව ඔහු ප්‍රකාශ කළේය.
“මරණය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ වෙලා තියෙනවා. පශ්චාත් මරණ පරීක්ෂණය මේ වනවිට සිදුවෙනවා. ඒකට පස්සේ අධිකරණ වෛද්‍ය නිලධාරීන් පැහැදිලි කරාවි. සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය සියලු ආකාරයේ විමර්ශන ආරම්භ කරලා තියෙනවා.
ප්රශ්නය – ඊයේ දිනයේදී වරෙන්තු නිකුත් කරපු වෙලාවේ අත්අඩංගුවට ගත්තා නම් මේක වෙන්නේ නැහැනේ.?
පිළිතුර – පොලීසිය ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙලා තියෙනවා. මොකද ඊයේ හවස තමයි පොලීසිය මේ පිළිබඳව දැනුවත්වෙලා තිබුණේ. පොලීසිය හිතන්නේ නැහැ රාත්‍රී කාලය වෙනකොට මෙහෙම වෙයි කියලා. පසුදා උදෑසන අත්ඩංගුවට ගන්න හිතාගෙන ඉන්න ඇති. පොලිස් අත්අඩංගුවේ ඉඳලා නිදහස් වූ කෙනෙක්. අධිකරණ නියෝගයක් තිබුණා. මේ පිළිබඳව පොලිස්පතිතුමාගෙන් විමසීමක් කරන්න. නමුත් මේ පිළිබඳව ස්ථිර මතයක් ප්‍රකාශ කිරීමට හැකියාවක් නෑ. පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පස්සේ තමයි මේ පිළිබඳව ප්‍රකාශයක් කිරීමට තියෙන්නේ.”

වියට්නාම් ජනපති – අගමැතිනිය හමුවෙයි
බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයෙකුට ජීවිතාන්තය දක්වා තරග තහනමක්
දෙණියායෙන් වාර්තා වූ උණ රෝගය ගැන වසංගත රෝග විද්‍යා අංශයෙන් විශේෂ දැනුම්දීමක්
රුපියල පිම්මේ බාල්දු වෙයි! ඩොලරයේ විකුණුම් මිල රු. 325 ඉක්මවයි!
වියට්නාමයෙන් ශ්‍රී ලංකාවට ලැබුණු පරිත්‍යාගය
කපිල චන්ද්‍රසේනගේ මරණය ගැන පොලීසිය අධිකරණයට කරුණ වාර්තා කරයි
හිටපු ජනපති ගෝඨාභයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් යළිත් නොතීසි
බොරතෙල් මිල යළි ඉහළට
රාජාංගනයේ සද්ධාරතන හිමි අත්අඩංගුවට
ශ්‍රී ලංකන් හිටපු CEO කපිල චන්ද්‍රසේනගේ සිරුර කොල්ලුපිටියේ නිවසකින් හමුවෙයි
අද අව් – වැසි තත්ත්වය
වියට්නාම ජනාධිපති දිවයිනට පැමිණෙයි