Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

දෙණියායෙන් වාර්තා වූ උණ රෝගය ගැන වසංගත රෝග විද්‍යා අංශයෙන් විශේෂ දැනුම්දීමක්

18 minutes ago

කොටපොල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයෙන් වාර්තා වන උණ රෝගය වෛරස් තත්ත්වයක් ලෙස හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම පවසනවා.

අද (08) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ, මෙම වෛරසය ආසාදනය වූ රෝගීන් 47 දෙනෙකු වාර්තා වී ඇති බවයි. 

උණ, තද හිසරදය සහ වමනය මෙම රෝගයේ ප්‍රධාන ලක්ෂණ වන අතර, පාසල් යන වයසේ පසුවන අවුරුදු 14-15 දරුවන් අතර මෙය වැඩි වශයෙන් ව්‍යාප්ත වී ඇති බව ද ඔහු ප්‍රකාශ කළා.

වෛරසය ආසාදනය වූවන් දෙණියාය මූලික රෝහලෙන් ප්‍රතිකාර ලබා ඇති අතර, ඔවුන්ගෙන් බහුතරයක් මේ වන විට සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා. 

රෝගයේ පැතිරයාම මේ වන විට පාලනය කර ඇති බවත්, අපිරිසිදු ජලය හෝ ආහාර මඟින් මෙම වෛරසය ව්‍යාප්ත වී ඇති බවට සැක කරන බැවින් ප්‍රදේශයේ ජනතාවට උණු කර නිවාගත් ජලය පානය කරන ලෙසයි විශේෂඥ වෛද්‍යවරයා උපදෙස් ලබා දෙන්නේ.

මේ පිළිබඳ අනිසි බියක් ඇති කර නොගත යුතු අතර, රෝග ලක්ෂණ පවතී නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙසට වෛද්‍ය පාලිත කරුණාපේම වැඩිදුරටත් සඳහන් කර සිටියා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *