ශ්‍රී ලංකාව හරහා නිරිත දිග මෝසම් කාලගුණික තත්ත්වය ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මේ හේතුවෙන් ඉදිරි දිනවලදී දිවයිනේ ප්‍රදේශ රැසක වැසි සහ සුළං සහිත කාලගුණික තත්ත්වයක් අපේක්ෂා කෙරේ.
විශේෂයෙන්ම බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි අතර, එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක තද වැසි ඇතිවීමේ අවදානමක් පවතී.
මීට අමතරව උතුරු පළාතේ සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇති වනු ඇත.
පස්වරු කාලයේදී ඌව පළාත, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක පස්වරු 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ නිවේදනයේ සඳහන් වේ.
මෝසම් සුළං සක්‍රීය වීමත් සමඟ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල ද උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වල ද විටින් විට හමන පැයට කිලෝමීටර් 30 ත් 40 ත් අතර තරමක තද සුළං ඇති විය හැකිය.
ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී එම ප්‍රදේශවල තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු බහුලව සිදුවිය හැකි බැවින්, එමඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට වහාම අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

බාලවයස්කාර සිසුවෙකු පැදවූ කැබ් රථයක ගැටී 14 හැවිරිදි දැරියකට පාදයක් අහිමි වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව නම් කෙරේ! සභාපති ධුරය කපිල විජේගුණවර්ධනට!
සිසිල් බීම දන්සැල් වෙනුවට උණුසුම් පාන වර්ග පිරිනමන දන්සැල් සංවිධාන කරන්නැයි ඉල්ලීමක්
චරිත් අසලංක සහ ධනංජය ද සිල්වා ගොනු කළ පෙත්සමේ තීන්දුව ප්‍රකාශ කිරීම කල් තබයි
රටම කළඹපු අනුරපුරේ දැරියගේ සිද්ධිය ගැන දිලුම් අමුණුගම කට අරියි
ඩොලර් එක වැඩිවීමෙන් බස් ගාස්තු වැඩි විය හැකියි – ගැමුණු විජේරත්න
විමල්ගේ නඩුවක් කල් යයි
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට වාර්තාගත ආදායමක්
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල පරාසයන් ප්‍රකාශයට පත් කරයි
Mein Schief 6 නෞකාව කොළඹ වරායට
දිලුම් අමුණුගමව අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිල්ලක්
ජාතික කලා භවනේ පෞරාණික චිත්‍ර 42ක් අතුරුදන්