Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පළාත් කිහිපයකට තරමක තද වැසි

12 hours ago

ශ්‍රී ලංකාව හරහා නිරිත දිග මෝසම් කාලගුණික තත්ත්වය ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මේ හේතුවෙන් ඉදිරි දිනවලදී දිවයිනේ ප්‍රදේශ රැසක වැසි සහ සුළං සහිත කාලගුණික තත්ත්වයක් අපේක්ෂා කෙරේ.

විශේෂයෙන්ම බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි අතර, එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක තද වැසි ඇතිවීමේ අවදානමක් පවතී.

මීට අමතරව උතුරු පළාතේ සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇති වනු ඇත.

පස්වරු කාලයේදී ඌව පළාත, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක පස්වරු 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ නිවේදනයේ සඳහන් වේ.

මෝසම් සුළං සක්‍රීය වීමත් සමඟ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල ද උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වල ද විටින් විට හමන පැයට කිලෝමීටර් 30 ත් 40 ත් අතර තරමක තද සුළං ඇති විය හැකිය.

ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී එම ප්‍රදේශවල තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු බහුලව සිදුවිය හැකි බැවින්, එමඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට වහාම අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *