හයිලෙවල් මාර්ගයේ මීගොඩ හන්දිය ආසන්නයේදී දන්සලක පෝලිමක සිටි පිරිසක් අනතුරට ලක් කරමින් පුද්ගලයින් 6 දෙනෙකුට මරු කැඳවූ කැබ් රථයේ රියදුරු මේ වන විට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය තහවුරු කර ඇත්තේ අනතුර සිදුවන අවස්ථාවේදී අදාළ සැකකාර රියදුරා බීමත්ව සිට ඇති බවයි.
අවිස්සාවේල්ල දෙස සිට කොළඹ දෙසට ධාවනය වී ඇති මෙම කැබ් රථය, මීගොඩ හන්දිය ආසන්නයේ දන්සලක් අසල පෝලිමේ සිටි පිරිසක් වෙත කඩා වැදීමෙන් මෙම ඛේදවාචකය සිදුව ඇත. අනතුරින් කුඩා දරුවෙකු ඇතුළු තවත් 7 දෙනෙකු තුවාල ලබා ඇති අතර, ඔවුන් මේ වන විට ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
මෙම අවාසනාවන්ත අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එම අවස්ථාවේ දන්සැල් පෝලිමේ රැඳී සිටි වයස අවුරුදු 15, 32, සහ 56 යන වයස්වල පසුවන කාන්තාවන් තිදෙනෙකු සහ අවුරුදු 35 සහ 38 වයස්වල පසුවන පිරිමි පුද්ගලයින් තිදෙනෙකි.
අනතුර සිදු කිරීමෙන් පසු අදාළ රියදුරා රථයද සමග පළාගොස් ඇති අතර, ගොඩගම හන්දියේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට පත් සැකකරු පිළියන්දල ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකු බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.

කුමාර සංගක්කාර කණස්සල්ලෙන්
අද මධ්‍යම රාත්‍රියේ සිට අධිවේගයේ යන අයට නව නීතියක්
විමල්ගේ ප්‍රකාශයක් ගැන විමර්ශනය කරන්නැයි නියෝගයක්
නාමල් රාජපක්ෂ රිමාන්ඩ් කළ සිද්ධියේ සම්පූර්ණ කතාව – “පන්සලේ කොත් පැළඳවීමේ උත්සවයට යන්න නීතිඥයා ඇප ඉල්ලයි”
නාමල් රාජපක්ෂ යළි රිමාන්ඩ්
වාහන මිල ගණන් පහළට
ආගමන විගමන සහකාර පාලකවරයෙකු අත්අඩංගුවට
පන්දු 30කින් වේගවත් ශතකයක් වාර්තා කළ අභිෂේක් ෂර්මා
මෙරට ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය විවෘත කිරීම අද
නාමල් රාජපක්ෂ අධිකරණයට
රේණුක පෙරේරා රිමාන්ඩ්
ජනතාවගේ සෞඛ්‍ය ගොඩනඟන්න ජනපතිගෙන් දැවැන්ත තීරණයක්