Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පාස්කු ප්‍රහාරය පිළිබඳ තීරණාත්මක නඩු තීන්දුවක් ජූලි 31 වනදා

41 minutes ago

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට එරෙහි නඩුවේ තීන්දුව එළඹෙන ජුලි මස 31 වනදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ. කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් අද (12) මෙම තීරණය ප්‍රකාශයට පත් කරනු ලැබීය.

මෙම නඩුව ගොනු කර ඇත්තේ, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට පූර්ව බුද්ධි තොරතුරු ලැබී තිබියදීත්, එය වළක්වා ගැනීමට අවශ්‍ය පියවර නොගැනීම තුළින් සාපරාධි ලෙස සිය රාජකාරිය පැහැර හැරීම යන බරපතළ චෝදනා පදනම් කරගනිමිනි.

ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන විනිසුරුවරුන්ගෙන් සමන්විත කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද දින මෙම නඩුව කැඳවනු ලැබීය. මේ වන විට නඩුවට අදාළ පාර්ශවකරුවන් විසින් සිය වාචික සහ ලිඛිත දේශන අධිකරණය හමුවේ ඉදිරිපත් කර අවසන් කර ඇත.

එලෙස ඉදිරිපත් වූ සියලුම වාචික හා ලිඛිත කරුණු සලකා බැලීමෙන් අනතුරුව, නඩුවේ අවසන් තීන්දුව ජූලි මස 31 වනදා ප්‍රකාශයට පත් කරන බව විනිසුරු මඩුල්ල විසින් නිල වශයෙන් නිවේදනය කරන ලදී. 

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *