රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ සූරේෂ් සලේ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය දිනෙන් දින ශීඝ්‍රයෙන් පිරිහෙමින් පවතින බව ඔහුගේ පවුලේ ඥාතීන් පවසයි.
අද (12) පෙරවරුවේ ඒ මහතාගේ සුවදුක් බැලීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ඥාතීන් සඳහන් කර ඇත්තේ, පවතින රෝගී තත්ත්වය හේතුවෙන් ඔහුගේ ජීවිතයට සැලකිය යුතු මට්ටමේ තර්ජනයක් මතු වී ඇති බවයි.
මේ අතර, සුරේෂ් සලේ මහතා මුහුණ දී සිටින තත්ත්වය සම්බන්ධයෙන් අස්ගිරි විහාර පාර්ශ්වයේ මහානායක ආචාර්ය අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහා නාහිමියන් විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත විශේෂ ලිපියක් යොමු කර තිබේ.
එම ලිපිය මඟින් මහානායක හිමිපාණන් පෙන්වා දී ඇත්තේ, සුරේෂ් සලේ මහතාගේ බිරිඳ පසුගියදා මහනුවර අස්ගිරි මහා විහාරයට පැමිණ තම ස්වාමිපුරුෂයා වෙනුවෙන් සංවේදී ආයාචනයක් සිදු කළ බවයි.
තම ස්වාමියා මුහුණ දී සිටින අසීරු තත්ත්වයෙන් මුදාගෙන ඔහුට මානුෂීය පදනමක් යටතේ සහනයක් ලබා දීමට මැදිහත් වන ලෙස ඇය මහ නාහිමියන්ගෙන් ඉල්ලා ඇත. ඒ අනුව එම ආයාචනය ජනාධිපතිවරයා වෙත යොමු කරමින්, මේ සම්බන්ධයෙන් සොයා බලා සුදුසු සාධාරණ පියවරක් ගන්නා ලෙස අස්ගිරි මහා නාහිමියන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.

සුපිරි පිතිකරු කේන් විලියම්සන් ක්‍රිකට් පිත්ත අතහරින්න සැරසෙයි
පන්ති කාමරයක් මතට ගසක් කඩා වැටේ! සිසුන් තිදෙනෙකු රෝහලට!
පාස්කු ප්‍රහාරය පිළිබඳ තීරණාත්මක නඩු තීන්දුවක් ජූලි 31 වනදා
කොළඹ දිස්ත්‍රික්කයට විශේෂ ඩෙංගු මර්දන සතියක්
අවසන් මොහොතේ ශ්‍රී ලංකාව පරදා ජය ලැබූ කොදෙව්වන්
දිනක් තුළ ශ්‍රී ලංකා රුපියලෙහි දැවැන්ත කඩාවැටීමක්!
SDIG වරුණ ජයසුන්දරව අත්අඩංගුවට ගන්නවාද? නීතිපති අධිකරණයට දැනුම්දෙයි
විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් කථානායකට ලිපියක්
ෂාන් විජයලාල් ද සිල්වාට ඇප! රට ගමන් තහනම්!
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ආරම්භක තරගයෙන් මෙක්සිකෝවට ජය
මි.මී. 75 ඉක්ම වූ වැස්සක්
සිඩ්නි බලා පියාසර කළ ශ්‍රී ලංකන් ගුවන් යානයකට අකුණු සැර වදී