විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවති පළමු තරගයෙන් සත්කාරක එංගලන්ත කණ්ඩායම හමුවේ ලකුණු 87ක දැවැන්ත පරාජයක් ලැබීමට ශ්‍රී ලංකාවට සිදුවිය.
මෙරට වේලාවෙන් අද (13) අලුයම අවසන්වූ මෙම තරගයේ එංගලන්තය ලබාදුන් ලකුණු 220ක දැවැන්ත ඉලක්කයට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාවට පන්දුවාර 20 තුළදී සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 132ක් පමණි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ ඇරයුමේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය පන්දුවාර 20 තුළදී එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 219ක් රැස්කළේය.
එහිදී අගනා ඉනිමක් ක්‍රීඩාකළ ඩැනී වියාට්-හොජ් පන්දු 62කට පමණක් මුහුණදෙමින් ලකුණු 105ක් රැස්කළාය.
එමෙන්ම ඇය සමගින් පළමු කඩුල්ලට ලකුණු 135ක සබඳතාවක් පැවැත්වීමට දායක වූ ඒමි ජෝන්ස් පන්දු 38කින් ලකුණු 53ක් රැස්කිරීමට සමත් විය.
බිඳවැටුණු එකම කඩුල්ලට හිමිකම් කීමට මල්කා මදාරා සමත්වුවද, ඇය පන්දුවාර 4 අවසන් කළේ ප්‍රතිවාදීන්ට ලකුණු 51ක් ලබාදෙමින්ය.
මේ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නිලක්ෂි ද සිල්වා ලකුණු 39ක් හා හර්ෂිතා සමරවික්‍රම පන්දු 18කින් ලකුණු 29ක් රැස්කිරීම හැරෙන්න වෙනත් කිසිවෙකුට සාර්ථක පිතිහරඹයක නිතරවීමට නොහැකි විය.

මහනුවර ප්‍රදේශ රැසකට හෙට පැය 5ක ජල කප්පාදුවක්
ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් බදු අය කිරීමට එරෙහි පෙත්සමේ තීන්දුව අගෝස්තු 31
කංජිපානි අත්අඩංගුවට ගැනීමට ඕලුගලගේ ප්‍රධානත්වයෙන් දැවැන්ත මෙහෙයුමක්
දිලිත්, විමල්, ගම්මන්පිල ඇතුළු 06කට වැඩ වරදී?
මහර බන්ධනාගාරයේ දේපළවලට වූ හානිය සෙවීමට කමිටුවක්
පිඹුරෙක් එක්ක නටපු අවුරුදු කුමාරියට දඩ
LPL ඉතිහාසයේ නව වාර්තාවක්
මධ්‍යම පළාත් නව ආණ්ඩුකාරවරයා ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි
සූදු වෙබ් අඩවි 24කට ශ්‍රී ලංකාව තුළ තහනමක්
ඉන්දීය විදේශ ලේකම් හා ජනපති අතර හමුවක්
අකිල විරාජ්ට අධිකරනයෙන් දුන් නියෝගය
හිටපු ඇමති අකිල විරාජ් අත්අඩංගුවට