Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

නායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කෙරේ

3 hours ago

දිවයිනේ පවතින අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදන යාවත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) පියවර ගෙන තිබේ.

මෙම පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනය අද (13) පස්වරු 4.00 සිට හෙට (14) පස්වරු 4.00 දක්වා ඉදිරි පැය 24ක කාලය සඳහා බලපැවැත්වෙන බව එම සංවිධානය සඳහන් කරයි.

ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර සහ අගලවත්ත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙක සඳහාත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව, රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම, පැල්මඩුල්ල, ගොඩකවෙල, ඇලපාත, කලවාන, රත්නපුර සහ නිවිතිගල යන ප්‍රාදේශී්‍ය ලේකම් කොට්ඨාස සඳහාත් අදියර 1 යටතේ විමසිලිමත්බවින් සිටින ලෙස දන්වා මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර ඇත. 

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *