වයස අවුරුදු 05ක් වන පෙර පාසල් දැරියකට ලිංගික අතවර කළ බව කියන 65 හැවිරිදි ව්‍යාපාරිකයෙකුව මාදම්පේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ අත්අඩංගුවට ගත් සැකකරු මාදම්පේ, කරුකුවටව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි.
මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දී ඇත්තේ අදාළ සැකකරු විසින් පවත්වාගෙන යනු ලබන වෙළෙඳසැලෙන් බිස්කට් මිලදී ගැනීම සඳහා ගිය කුඩා දැරියකි. එහිදී සැකකාර ව්‍යාපාරිකයා විසින් දැරියව වෙළෙඳසැල තුළට කැඳවාගෙන ගොස් මෙම අතවරය සිදුකර ඇති බවට දැරියගේ මව විසින් මාදම්පේ පොලීසිය වෙත පැමිණිලි කර තිබේ.
අතවරයට ලක්වූ කුඩා දැරිය මේ වන විට අවශ්‍ය වෛද්‍ය පරීක්ෂණ කටයුතු සඳහා හලාවත මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු හලාවත මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක්
වැරදිකරු වූ සෞඛ්‍ය සේවකයාට වසර 12කට පසු මරණ දඬුවම නියම වෙයි
ශ්‍රී ලංකා ගමන් බලපත්‍රයේ ශ්‍රේණිගත කිරීම් ඉහළට
හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයාට රැඳවුම් නියෝග
ගුරු ස්ථාන මාරු සඳහා NEMIS පද්ධතිය භාවිත කිරීමට පියවර
දෙවුන්දර වෙඩිල්ලේ කතාව එළියට – “ඔය දුන්නේ රිහසල් එකක්”
විපක්ෂයේ නායකයින් සියල්ල හෙට එක පොදියට රැස්වෙයි
ජාලිය වික්‍රමසූරියට යළි වරෙන්තු නිකුත් කරයි
යෝෂිත රාජපක්ෂගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්
හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප
රාහුල් සහ ප්‍රියංකා ගාන්ධි අත්අඩංගුවට